එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට අදාළව එම නෞකාවේ හිමිකරුගෙන් වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම්ලට අදාළව ශ්‍රී ලංකා රජයට තවත් ගෙවීම් දෙකක් ලැබී ඇත.
ඒ අනුව අමෙරිකානු ඩොලර් 878,650.53 එනම් ශ්‍රී ලංකා රුපියල් 16,315,451.05 ක් ගෙවීම් ලෙස ලැබී ඇත.
එම නෞකාව ගිලී යාමෙන් පසු වෙරළ පිරිසිදු කිරීම සහ පුනරුත්ථාපන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් කරන ලද ඉල්ලීම් අනුව මෙම ගෙවීම් ලැබීමට මූලික වී ඇතැයි වාර්තා වේ.
2023 ජුලි 18 සහ 19 යන දිනවල සිංගප්පූරුවේදී ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් සහ නැව් හිමිකරුවන්ගේ සහ ඔවුන්ගේ රක්‍ෂණකරුවන්ගේ නියෝජිතයන් අතර මෑත කාලීන පැවති රැස්වීම්වලදී මෙම හිමිකම් විසඳීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
එසේම සියලුම නීත්‍යනුකූල හිමිකම් සහිතව වැඩිදුර හිමිකම් ගෙවීම පිළිබඳ තක්සේරු කිරීම් තවදුරටත් සිදු වෙමින් පවතී.