ශ්‍රියානි විජේසිංහ –
නීපා වෛරසය් පරික්ෂාව සඳහා අවශ්‍ය වන ඇන්ටිජන් කට්ටල 100ක තොගයක් එළඹෙන සතිය තුළ දී මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කට්ටල තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්විම මත ලබා දෙන බවත් ඉදිරියේදී අවශ්‍යතාව ඉහළ ගියහොත් ඒ සඳහා ද ආධාර උපකාර කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇතැයි අමාත්‍යංශ ප්‍රකාශකයෙකු පැවසුවේය.
මෙම ඇන්ටිජන් කට්ටල තොගය ඉන්දියාවේ සිට මෙරටට ලැබීමට නියමිත බවද හෙතෙම පැවසුවේය.
ඉදිරි සතියේදී ලැබීමට නියමිත ඇන්ටිජන් කට්ටල වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමු කර නීපා වෛසරය ආසාදනය වූ පුද්ගලයින් නිශ්ඡිතව හඳුනා ගැනීම සිදුකරන බව එම ප්‍රකාශකයා පැවසුවේය.