අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නැව කොළඹ වරායේ හිතා මතා ගිල්ලුවේදැයි සැකයක් !

by editor
අප්‍රේල් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

2021 වසරේ මැයි මාසයේදී කොළඹ වරාය ආසන්නයේ ගිනිබත්ව මුහුදේ ගිළුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වුවමනාවෙන්ම යමකු විසින් කුමන්ත්‍රණ සහගතව ගිල්ලුවේද යන සැකය තමන්ට මෙන්ම නාවික ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති බොහෝ දෙනකු තුළ මේ වනවිට මතුව ඇති බවත් මේ පිළිබඳව විමර්ශන කළ යුතුව තිබූ බවත් සමුද්‍ර නීතිය පිළිබඳ ව විශේෂඥයකු වන ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර පවසයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක යෙදුණු ආචාර්ය ගුණසේකර පවසන්නේ මෙම නැව අලුත් නැවක් බවත් එය මෙවැනි ගින්නක් හමුවේ වුවද පහසුවෙන් මුහුදුබත් නොවූවද එහි ඇතුළට ජලය ඇතුළු විය හැකි පරිදි  කපාටයක් ( වෑල්ව් එකක්) විවෘත කළහොත් පමණක් මෙලෙස ගිලී යන අතර එවැනි දෙයක් සිදුවූවේද යන සැකය මතුව ඇති බවත්ය.

ආචාර්ය ඩෑන් ගුණසේකර එහිදී පෙන්වා දුන්නේ මෙම නැව කොළඹ වරාය තුළට ගැනීම පිළිබඳව ගැටලු ගණනාවක් දැනට ඉතිරිව ඇති බවත් එය ගිනි බත් වීමේදී ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කළේ නම් ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවිය හැකි නිසා මෙම නැව ගිල්ලවීම ඊට වඩා ආර්ථික වශයෙන් වාසිදායක විය හැකි බැවින් මෙලෙස නැව ගිල්ලවීමට කටයුතු කළේද යන සැකයක් ඇති බවත්ය.

“ මම මේ ගැන කපිතාන්වරුන් සහ නාවික ඉංජිනේරුවන් සමඟ කතා කළා. මේක අලුත් නැවක්. එවැනි නැවක් එහෙම ලෙහෙසියෙන් ගිලෙන්නේ නෑ. මේ ගැන නිසි පරීක්ෂණයක් කරල ඇත්ත හොයා ගන්න තිබුණා, නැවේ අදාළ කොටස් තිබුණ නම් . නමුත් මේ වනවිටගලවා ගැනීමේ සමාගම් එහි මෙම තීරණාත්මක කොටස් අරන් ගිහින්. මම දන්නා තරමට නැවේ දත්ත අඩංගු  කළු පෙට්ටියට  සමාන ඒකකය පවා මේ වනවිට යම පාර්ශවයක් විසින් රැගෙන ගිහින් තිබෙනවා. අපේ බලධාරීන් ඊට ඉඩ දී තිබෙනවා. අප මේ සිලු තොරතුරු අනාවරණය කර ගැනීමට නම් ජනාධිපති විමර්ශන කොමිසක් පත් කළ යුතු බවට මම කිහිප වතාවක්ම යෝජනා කළා.

ශ්‍රි ලංකාවේ සමුද්‍ර නීතිය පිළිබඳ අචාර්ය උපාධියක් හිමි එකම පුද්ගලයා ලෙස  තමන් මෙම නෞකා අනතුරෙන් වන්දි ගැනීම පිළිබඳව නඩුව ශ්‍රි ලංකාවේ නොපවරා සිංගප්පූරුවේ පැවරීම පිළිබඳව සිය අප්‍රසාදය පල කරන බව ප්‍රකාශ කළේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මෙම නඩුව ශ්‍රි ලංකාව තුළ ගොනු කිරීමෙන් වාසි ගණනාවක් අත් පත් වන බවත් සිංගප්පුරුවේදී එම වාසි එලෙසින්ම ලබා ගැනීමට අපහසු බවත් පෙන්වා දුන් අතර මෙම නඩුව යම් කිසිවකුගේ වුවමනාවට සිංගප්පූරුවට ගෙන යාමට තීරණය කර ඇති බවත් එහිදි මෙම නඩුව පරාජය වීමේ වැඩි ඉඩක් පවතින බවද ගුණසේකර මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුපිරි වෙළඳසල්වලින් සස්ටජන් කිරිපිටි ටින් 30කට වඩා ඉස්සූ මව ලේලිය පුතා සහ දියණිය අත්අඩංගුවට…

Next Post

රටක් එළිය කර අලුත් අවුරුද්දේත් ජීවිත අඳුරේ වැළලෙන මහපාරේ මිනිස්සු!     

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.