ඌව වෙල්ලස්ස බිංතැන්න ඉඩම් අක්කර හැටපන්දහසක් සිංගප්පූරු බහුජාතික සමාගමක් වූ ගැසල් වෙන්චර්ස් සමාගමට ලබා දී ඇත්තේ මූලික නෛතික ප්‍රතිපාදන උල්ලංඝණය කරමින් බවත් අනීතිකව සිදුකරන මෙම සංහාරයට දිවි හිමියෙන් එරෙහිවන බවත් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න පවසයි.
මෙම ව්‍යාපෘතියට සකස් කළ පරිසර අධ්‍යයන වාර්තාවත් කල් ඉකුත් වූ බව පාර්ලිමේන්තුවේදීත් පිළිගෙන තිබිය දී නැවත පරිසර අධ්‍යයනය ඇගයීමක් හෝ නොකර දේශපාලන බලය හා ආරක්ෂක අංශවල බලය පාවිච්චි කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට අත්තනෝමතික උත්සාහය යෙදෙන බව ඔහු පෙන්වා දෙයි.
“මේ වනවිට කර්මාන්ත ශාලාව පිහටුවීමට සූදානම් කර ඇති අක්කර 572ක මැනුම් කටයුතු කරලා ඉවරයි කියනවා. ඉනි වැටවල් හිටවලා ඉඩම වට කරන්න හදනවා. මේ අක්කර 572 ඇතුලෙ ගොවීන් 163ක් ඉන්නවා. සින්නකර ඉඩම් තියන අය ඉන්නවා. බලපත්‍ර තියන අය ඉන්නවා. පාරම්පරිකව වගා කළ අය ඉන්නවා. පුරාවිද්‍යා ස්ථාන තියනවා. මේවා වට කරලා වැටක් ගහනවා. නීත්‍යානුකූල නෑ මේ වැට. කොම්පැණිකාරයන්ගෙ සල්ලි දාලා ඒ ප්‍රදේශවල දුප්පත් මිනිස්සුන්ට පඩියක් දීලා වැටවල් ගහනවා. මේ වැඩපිළිවෙළට ප්‍රදේශයේ ජනතාවත් සමග අපි සංවිධානාත්මකව විරුද්ධ වෙමින් ඉන්නවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කරන මිනිස්සු දඩයම් කරන්න ආණ්ඩුවත් කොම්පැණි කාරයොත් මේ වනවිට පටන් අරන්… රිදීමාලියද්ද පොලිසියේ බොරු පැමිණිලි දාලා ගොවීන් 05ක් අත්අඩංගුවට අරන් මහිංයගනය උසාවියට දැම්මා.“
මේ නිජ භූමියෙ උරුම කරුවන් කනෙන් අල්ලලා එළියට දාලා ඉඩම් ටික අත්පත් කරගන්න හදන්නෙ. අපි මේ ක ආණ්ඩුවට කියන්නේ. කොම්පැණි කාරයන්ට කියන්නෙ. ඔය නීති විරෝධී පැලඉනි වැට ගහගෙන ගහගෙන යන්න…ඔට පැලඉනි වැටට කිසිම නීත්‍යානුකූල භාවයක් නෑ. අනිවාර්යයෙන්ම අපි ප්‍රසිද්ධියෙ ඇවිත් ගලවලා ඕක ගලවනවා…
මේ රටේ බුද්ධිමතුන්ට, මේ රටේ ජනතාවට අපි කියන්නෙ. මේ රට කෑල්ල කෑල්ල විකුණනකොට රටක් කියලා දෙයක් ඉතිරි වෙන්නෙ නෑ. මෙතන අක්කර 65000යි සිංගප්පූරුවට. අනුරාධපුරයෙ අක්කර ලක්ෂයයි කෝමාරිකා වගාව සඳහා ඇමරිකාවට. රටක් ඉතිරි වෙන්නෙ නෑ. නිජ භූමියේ මිනිස්සු ගොදුරු බවට පත්වෙනවා. අයිතිකාරයො අනවසර මිනිස්සු බවට පත් වෙනවා. සිංගප්පූරුවෙ එකා අයිතිකාරය.. අපේ මිනිහා අනවසර මිනිහා. මේව කොහොමද ඉවසන්නෙ…
ඌව වෙල්ලස්ස කියන්නෙ මේ රට යටත් කරපු වෙලාවෙ පළවෙනි වෙඩිමුරය පත්තු කරපු තැන. අපි දැන් දෙවෙනි වෙඩිමුරය පත්තු කරලා ඉවරයි.
මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ දැවැන්ත විරෝධතාවයක් හා නෛතික ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද සමන් විද්‍යාරත්න කීවේය.