මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව පෞරාණික නගරයේ පිහිටි ඓතිහාසික අංක 2 ශිව දේවාලයේ සංවිධානය වන මහා ශිව රාත්‍රී උත්සවය දැකගනු සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් එක් වෙමින් සිටිති.
මේ අවස්ථාවට දිවයිනේ නන් දෙසින් පැමිණෙන හින්දු බැතිමතුන් පමණක් නොව සිංහල මුස්ලිම් ජනතාව ද ආදිවාසී ජන කොටස් ද මහා සංඝරත්නය ද වැඩම කර සිටිනු දක්නට ලැබිණි.
අද ආරම්භවන ශිව දේව මංගල්‍යය හෙට දහවල් දක්වා සිදු කෙරෙන බව ප්‍රධාන පූජක සිව ශ්‍රී කේ. දයානන්දන් සඳහන් කළේය ..
කොරෝනා වසංගතයෙව් මියගිය සියලු දෙනාට පින් පැමිණවීමත් රෝගාතුරව සිට සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් මෙම ආශිර්වාද පූජාවේ ප්‍රධාන පරමාර්ථ අතරට එක්වන බව කේ දයානන්දන් සදහන් කළේය.
මෙම පූජෝත්සවය පැවැත්වෙන්නේ කොවිඩ් වසර 2කට පසුවය.