ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසළ මහජනතාව පෝලීම් ගැසී එක රාශී වී සිටින අවස්ථාවල, එම ඉන්ධන පිරවුහල් අසළ යම් කලහකාරී සිදුවීමක් ඇති වීම වැළැක්වීම සඳහා සුදුසු ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධරයන්, මූලික පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් වෙත මෙම නියෝගය ලිඛිතව දන්වා ඇත.
එමෙන්ම ගොවි අවශ්‍යතා, කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා උපකරණ සඳහා අවශ්‍ය ඉන්ධන කෑන් හෝ බූලි මගින් ලබා ගැනීමට පැමිණෙන ජනතාව වෙත බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සඳහාත්, සංචාරක ක්‍ෂේත්‍රයට අදාළ සංචාරකයින් ප්‍රවාහනය කරන රථ වාහන සහ ගිලන් රථ, ගිනි නිවීමේ රථ හා වෙනත් රෝගී ප්‍රවාහන රථ ඇතුළු ප්‍රමුඛතාවය ලබාදිය යුතු රථවාහන සඳහා ප්‍රමඛතාවය මත ඉන්ධන ලබාදීම සඳහාත් අවශ්‍ය සුදුසු පියවර ගත යුතු බව එහි දැක්වේ.
තවද, ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන පෝලීම් පවතින අවස්ථා වල දී එවැනි ඉන්ධන පිරවුම්හල් අසළ එම තදබදය අවම වන තෙක් පොලිස් නිලධරයන් යොදවා රථවාහන පාලනය කිරීමටත්, කලහකාරී සිදුවීම් වැළැක්වීමටත් අවශ්‍ය උපදෙස් දිය යුතු ය.
ඒ අනුව සෑම පොලිස් බල ප්‍රදේශයකම ඉහත පරිදි සාමය ආරක්ෂා කිරීම සඳහා සුදුසු පියවර ගනු ලබන බවට වගබලා ගැනීම සෑම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධරයෙකුගේ ම වගකීම බව අවධාරණය කරන බව ද පොලිස්පතිවරයා සඳහන් කර ඇත.