-
ළමා රෝග විශේෂඥවරයෙක් නැති රෝහල්වල වෛද්‍යවරුන්ට දුරකථනයෙන් විශේෂඥවරයෙක් අමතා උපදෙස් ලබාගෙන ප්‍රතිකාර කරන්න සිදුවෙලා…
ශ්‍රියානි විජේසිංහ –
ඌව පළාතේ රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පවතින උග්‍ර හිඟය හේතුවෙන් දරුවන්ට ප්‍රතිකාර කිරීම බරපතල ගැටලුවක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කරයි.
දියතලාව රෝහලේ ළමාරෝග විශේෂඥවරයා විදේශගතවීමට හේතුවෙන් එම රෝහලේ වැඩ ආවරණය කිරිමට බදුල්ල මහ රෝහලෙ සහ වැලිමඩ මහ රෝහලේ සිටින ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාට මාරුවෙන් මාරුවට යාමට සිදුව ඇතැයිද වෛද්‍ය පාලිත පෙන්වාදේ.
එසේම බදුල්ල මහ රෝහලේ නොමේරු ළඳරු ඒකකයේ සිටින ළමා රෝග විශේෂඥවරුවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් මේ වන විට විශ්‍රාම යාමට නියමත අතර අනෙක් වෛද්‍යවරයා විදේශ පුහුණුව සදහා යාමට බලා සිටින බවද පැවසේ.
වැල්ලවාය, බිබිල සහ සියඹලාණ්ඩුව රෝහල්වලද ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් නොමැති වීම හේතුවෙන් දරුවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට දෙමාපියන්ට කිලෝමීටර් 50ක පමණ දුරගෙවා මයිංගනය රෝහල වෙත හෝ මොණරාගල රෝහල වෙත යාමට සිදුව ඇතැයිද ඔහු පෙන්වාදේ.
ඇතැම් විට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් දුරකථනය මගින් උපදෙස් ලබා ගෙන රෝහලේ අනෙකුත් වෛද්‍යවරුන් විසින් ළමයිනට ප්‍රතිකාර කරන අවස්ථාවන්ද පවතින බව
කෙසේ නමුත් දැනට පවතින උග්‍ර ආර්ථික ගැටලු හේතුවෙන් තවත් වෛද්‍යවරු රට හැරයාමට නියමිත බවත් මෙසේ වෛද්‍යවරුන් රට හැර යාමෙන් ඌව පළාත තුළ රෝග ප්‍රතිකාර සේවාවන් බිද වැටෙනු ඇති බව හෙතෙම සදහන් කරයි.