බිත්තර දමන කිකිළියන් ගහණය මේ වනවිට මිලියන 7 සිට මිලියන 4 දක්වා අඩුවී ඇති බවත් ඔවුන්ට සාපේක්ෂව කුකුලු පැටවුන් බිහි කරවන මාපිය කුකුළන්ද ගහණය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවත් කුකුළු නිෂ්පාදකයො පෙන්වා දෙති. ඊට හේතු වී ඇත්තේ පසුගිය කාලය තුළ සත්ත්ව ආහාර මිල වැඩිවීම සහ බිත්තර පාලනය මිලකට යටත් කිරීම හේතුවෙන් මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් සිය කිකිළියන් මසට විකිණීම බව ඔවුහු පවසති.
ඔවුන් යළි සුපුරුදු රිද්මයට ව්‍යාපාරය ඉහළට එසවීමට අවම මට්ටමින් තව මාස හයක් පමණ ගත වන අතර පෙර පැවති මිලට වඩා තුන් ගුණයක වියදමක් දරන්නට සිදුවන බව ඔවුහු පවසති.
“එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට අදහස් පළ කර ඇති සමස්ත ලංකා කුකුලු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ මේ වන විට රටේ බිත්තර නිෂ්පාදනය අඩකින් පමණ පහළ ගොස් ඇති අතර එවැනි පසුබිමක් තුළ නත්තල් උත්සව සමය සහ සංචාරක ව්‍යාපාරයේ යළි පිබිදීම මත දෙසැම්බර් මාසයේදී බිත්තර මිලියන 15ක 20ක අතිරේක ඉල්ලුමක් පැමිණි අතර ඒ තත්ත්වය තුළ පැවති දැඩි ඉල්ලුම හමුවේ මිල ඉහළ ගිය බවය.
කෙසේ වුවද ඔහු තවදුරටත් පවසන්නේ කර්මාන්තය යළි පෙර පරිදි ස්ථාපනය කිරීමට තවත් මාස ගණනාවක් ගතවිය හැකි අතර ඒ සදහා විශාල මුදලක්ද වැය කිරීමට කර්මාන්තකරුවන්ට සිදුව ඇති බවයි.
“ සාමාන්‍යයෙන් බිත්තර දෙන කිකිළියන් කාණ්ඩයක් එම තත්ත්වයට පත් කිරීහට මාස පහ හමාරක් පමණ ගත වෙනවා. ඒ සඳහා රුපියල් ලක්ෂ 35ක පමණ මුදලක් වැය වනු ඇතැයි මේ වනවිට ඇස්තමේන්තු කර තිබෙනවා. සත්ත්ව ආහාර මිල ඉහළ යාම ඇතුළු නිෂ්පාදන පිරිවැය හේතුවෙන් මෙම තත්ත්වයට පත්ව තිබෙනවා. නමුත් රුපියලේ අගය ස්ථාවරව පැවති පසුගිය කාලයේ මේ සඳහා වැය වුණේ රුපියල් ලක්ෂ 7ක් විතර. දැන්ම එය පස් ගුණයකින් පමණ වැඩි වී තිබෙනවා. රුපියල් 5000ට තිබුණු කුකුලු ආහාර කිලෝ ග්‍රෑම් 50 මිටියක් දැන් රුපියල් 13,000යි.
දැන් නිෂ්පාදකයන් කිකිළි පැටවුන් ඉල්ලුවත් ඔවුන් ලබා දෙන්න අබිජනන සමාගම්වලට හැකියාවක් නෑ. ඔවුන් ළඟත් දැන් ඉන්නේ සතුන් 42,000ක් පමණ. සාමාන්‍යයෙන් සතුන් 80,000ක්වත් සිටිය යුතුයි. ඒ අනුව බැලුවාම මෙම කර්මාන්තය හැම අතින්ම පවතින්නේ ලොකු අර්බුදයක. එයට විසදුමක් ලෙස පැටවුන් බිහි කරන සාඵල්‍යතාව සහිත බිත්තර ආනයනය කිරීම පිළිබදව මේ වනවිට අවධානය යොමු කර තිබෙනවා. “ යයිද පවසා තිබුණි.