රිය අනතුරක් සම්බන්ධයෙන් අත්‌අඩංගුවට ගත් ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඇය අද පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
ඇගේ රියදුරු බලපත්‍රය මාස 3කට තාවකාලිකව අත්හිටුවීමට දනියෝග කර ඇත.
උමාරියා සිංහවංශ ගමන් ගත් සුඛෝපභෝගි ජීප් රථය, රාජගිරිය ගුවන් පාලම් අසල වැලිකඩ මංසන්ධියේදී ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් උමාරියා සිංහවංශ අත්‌අඩංගුවට ගැනුණේ ඊයේ පස්වරුවේදී ය.
ඉන් 38 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරා බරපතල තුචාල ලැබූ අතර ඔහු මේ චන විට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය චෙත ඇතුලත් කර
ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.