කිර්ති ප්‍රනාන්දු –
උපකාර පංතියකට ගොස් ආපසු නිවෙස කරා එමින් සිටියදී සැඩ පහරට හසුව ගසාගෙන ගොස් සිටි පිය-පුතු දෙපලගෙන් අතුරුදහන්ව තිබූ පුතු ගේ මළ සිරුර ද මීට ටික වේලාවකට පෙර සොයා ගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි.

වයස අවුරුදු 11 ක් වන මෙම දරුවා මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි බවත් පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගය ඉතා ඉහළින් සමත් වූ සිසුවෙකු බවත් අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ඊයෙ(09) දහවල් අනතුරට පත් මෙම පිය පුතු දෙදෙනාගේ සිරුරුවලින් පියාගේ සිරුර අද( 10) දහවල් සොයාගෙන තිබිණ.
පොලිසිය නාවික හමුදාව යුද හමුදාව සහ ප්‍රදේශයේ ජනතාව එක්ව මෙම පිය පුතු දෙපළ ගේ සිරුරු සොයා ඊයෙ දින සිට අද දක්වාම මෙහෙයුම් සිදුකර තිබිණ .








