කොළඹ වතු හා මහල් නිවාස ආශ්‍රිත සිල්ලර කඩවල කිරිපිටි ග්‍රෑම් 100 රුපියල් 150ක මිලකට සිල්ලරට අලෙවි කිරීමට පටන් ගෙන තිබේ.
කිරිපිටි මිල දරාගත නොහැකි සේ ඉහළ යෑම මෙන්ම කිරිපිටි හිඟයට විකල්පයක් ලෙස මෙම වෙළඳාම ආරම්භ වී තිබේ.
කිරිපිටි පැකට් කීපයක් කඩා විශාල වීදුරු භාජනයක දමා ග්‍රොසරි බෑග්වලට ග්‍රෑම් 100 කිරිපිටි ප්‍රමාණය විකිණීම සිදුකරනු ලබයි.
“ වෙන මොනවද කරන්නෙ. මේක අපෙන් නෙමෙයි. මේ මිනිස්සුන්ගෙම ආපු යෝජනාවක්.“
මාළිගාවත්ත මහල් නිවාසයක් ආශ්‍රිතව ව්‍යාපාරය පවත්වාගෙන යන සිල්ලරකඩ හිමියෙක් ලංකාසරට පැවසීය.
කෙසේ වෙතත් මේ වනවිට කිරිපිටි කිලෝ එකක මිලර රුපියල් 1300ක් වන අතර ග්‍රෑම් 400 රුපියල් 520කට අලෙවි වේ. මේ සිල්ලර වෙළෙඳාමෙන් කිරිපිටි කිලෝ එකක පැකට්ටුවකින් රුපියල් 200කට ආසන්න ලාභයක් සිල්ලර කඩ හිමියා ලබා ගන්නා බව පෙනී ගොස් ඇත. පාලන මිලක් නැත.