සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“උදිත් උඹේ මොළේ හොඳ නැද්ද?“… හිටපු කෘෂිකර්ම ලේකම්ගෙන් මිතුරන් ඇසූ කතාව!

by editor
දෙසැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් තනතුර  දෙස තමන් ලැබුවේ දේශපාලන තනතුරක් ලෙස නොව  පරිපාලනමය තනතුරක් ලෙස බවත්, උපකුලපති ධුරයෙන් ඉවත් වී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් තනතුර භාරගන්නා අවස්ථාවේ දී   “උදිත්… මේ කුණු ගොඩට විහින් පනිනේ උඹේ මොලේ හොඳ නැද්දැ“ යි සිය සමීපතම මිතුරන් විමසූ බවත් ධුරයෙන් ඉවත් කළ කෘෂිකර්ම ලේකම්, වයඹ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) සිරස දවස රූපවාහිනී වැඩසටහනට එක් වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරත් පැවසුවේ තමන්ද මැදිහත් වී හැදූ විද්‍යාත්මක ප්‍රතිපත්තියක්    න්‍යායක් වී ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ දී    කණ්ඩායමක්  විසින්   ජාතියට විහිළු සැපයීම බලා සිටීමට නොහැකි වූ නිසා ලේකම් ධුරය භාරගැනීමේ  අවදානම ගත් බවය.

එහිදී හිටපු ලේකම්වරයා මෙසේත් ප්‍රකාශ කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“  මේ කියන සෞභාගයේ දැක්ම ලියනකොට විශේෂ මා පුද්ගලිකවම මැදිහත් වී කාර්ය භාර්යයක් ඉටුකළා.  ඉතින් අපිත් ලියපු, අපිත් දැකපු, අපිත් හිතපු   විද්‍යාත්මක ප්‍රතිපත්තිය න්‍යායක් බවට පත්වෙලා එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවිට   ගැටලුවක් ඇතිවෙලා තිබුනා.  මේ අපි  කියන විදිහට නෙමෙයි යන්නෙ කියලා අපි දැක්කා.

“මොකද මේ වැඩපිළිවෙල ඉතා හොඳට ලියලා සකස් කරලා තිබුණේ.  එහි තිබුණේ කෘෂිකර්මයේ  සියලුම ක්ෂේත්‍ර ප්‍රශ්ත ලෙස එකතු කරමින් පරිසර හිතකාමී ගොවිතැනක් කරන එකාබද්ධ යාන්ත්‍රණයක්. අපට තේරුණා යාන්ත්‍රණය ලියලා දුන්නට තුන් හතර දෙන්නෙක් ඒක අරගෙන විහිළු සපයනවා කියලා. පස හැදෙන හැටිවත් දන්නෙ නැති කෙනෙක් කියලා දෙන්න හදනවා පස හැදෙන හැටි. පස ගැන දන්නා කට්ටිය ආර්ථික විද්‍යාව ගැන උපදෙස් දෙනවා.“

“අපි වෘත්තිකයන් විදිහට අභ්‍යන්තරයෙ සාකච්ඡා කරමින් සිටින අවස්ථාවෙ තමයි   මේ  ඉල්ලීම ආවෙ. මා   උපකුලපතිකමින් අයින් වෙලා ඒ වගකීම ගන්න හිතුවා.  ගෙවල්වලිනුත්  ප්‍රශ්න ආවා.  ඔක්කොගෙන්ම පොඩි බැණුමකුත් අහගෙන සිද්ධ වුනා.     යාලුවො ඇහුවා උදිත් උඹට පිස්සු ද ඇහුවා මේ කුණුගොඩට පනින්න කියලා.“

“මම කිව්වා නෑ..  එහෙම පනින්න අපිට පොඩි අයිතියකුත් තියනවා. මොකද  අපි හදපු එක ඇස් ඉදිරිපිට විහිළු සපයනකොට බලාගෙන ඉන්න අමාරුයි කියලා. ඉතින් මා ආවා ජූනි 10ය. දවස් 195යි. ඒ කාලය තුළ මා උපරිම දේ හරියටම ඉටු කළා. සියයට 90ක් කියයි මා කළ දේ  හරියට කළ බව. ඉතිරි සියයට 10 හැමෝටම බැන බැන යන අය.“

තමන් ඉවත් කරනු ලැබූ හේතුව නිශ්චිතව නොදන්නා බවත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දුරකථන ඇමතුමක් දුන් අධ්‍යක්ෂිකාවක් යැයි කී කාන්තාවක් තමන් ඉවත් කළ බව දැනුම් දුන් බවත් ඒ අතර නව කෘෂිකර්ම ලේකම්වරයෙක් පත් කිරීමට අදාල ලිපිය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් නිකුත් කර තිබුණු නිසා තමන් ඉවත් කළ බව නිශ්චිතව දැනගත් අයුරුත්  ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආහාර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම ඇමති දෙන්නේ “හොර සහතිකයක්“ ද?

Next Post

සියල්කෝට්හි දී මරා දැමූ ප්‍රියන්තගේ තනතුර තවත් ශ්‍රී ලාංකිකයෙකුට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.