-
කතා කරන්නේ වගා කළ කුඹුරු ප්‍රමාණය විතරයි… ඉන් ලැබෙන අස්වැන්න ගැන නොවෙයි… රටේ අහාර හිඟයක් ඇති නොවීමට හෙක්ටයාරයකින් අපේක්ෂිත ටොන් 3.5ක අස්වැන්නක් ලැබිය යුතුයි…
සෑම දිස්ත්‍රික්කයකම කුඹුරු ඉඩම් වලින් සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් මේ වන විට වගාකර තිබීම හේතුවෙන් රට තුළ ආහාර හිඟයක් ඇති වන බවට ඇතැමුන් සිදු කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් එවැනි අර්බුදයක් කිසිසේත්ම ඇති නොවන බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන් අලුත්ගමගේ පවසයි.
කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා විසින් වගාකළ කුඹුරුවලින් සියයට 90ක ප්‍රමාණයක අපේක්ෂිත අස්වැන්න නොලැබීමේ අවදානමක් ඇතැයි ප්‍රකාශ කර තිබිය දීය. ඔහුට අනුව වගා කර ඇති බිමි ප්‍රමාණය හෙක්ටයාර හත් ලක්ෂ අසූ දහසකි. ප්‍රශස්ත යෙදවුම් යටතේ හෙක්ටයාරයකින් අපේක්ෂිත අස්වැන්න ටොන් 4.3කි. එහෙත් මෙවර නිසි කලට නිසි යෙදවුම් ගොවීන්ට ලබා දීමට නොහැකි නිසා අස්වැන්නේ හායනයක් අපේක්ෂා කරන බවත් සමස්ථ වගාබිම් ප්‍රමාණයෙන් සියයට 90කින් අපේක්ෂිත අස්වැන්න නොලැබීමේ අවදානමක් පවතින බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. ඔහුට අනුව ආහාර හිඟයක් ඇති නොවන්නට ඇති සාධකයක් වේ නම් ඒ පසුගිය යල කන්නයේ අස්වැන්නෙහි අතිරික්තයක් පැවතීමය.
එහෙත් මෙම අතිරික්තය ඇත්තේ රජයේ ගබඩාවල නොව, පුද්ගලික මෝල් හිමියන් සතුවය.
ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කළ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රධානම පෙළේ විද්වතෙක් මෙන්ම හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් සකස්කළ කණ්ඩායමේ ප්‍රධානම වෘත්තිකයෙක් වූ කෘෂිකර්ම ලේකම් උදිත් කේ ජයසිංහ සියතනතුරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.
මෙම ඉවත්කිරීම සිදුවන තුරු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඒ බව දැනගෙන සිටි නැති බව මාධ්‍ය වාර්තා කළේය.