මේ විරෝධතාවලට කලබල නොවී ඒ අය කියන්නේ කුමක්දැයි සොයාගත යුතු බවත් සිදුවිය යුත්තේ අවශ්‍ය ලෙඩේට බෙහෙත් ලබා දීම බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු කියන්නේ ඔළුව අමාරුවක් ඇතිවිට ඇඟේ අමාරුවට බෙහෙත් දී පලක් නැති බවය. අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට ගෙදර යන්නට කියන මත අද ඊයේ ආපුවා නොවන බවත් ඔහු කීවේය.
මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය.
“ඔය මත අද ආපු ඒවා නෙවෙයිනේ. එදා කිව්වේ ජේ ආර් ව මරමු කියලා. බෝඩ් ගැහුවේ. ඒවාට කලබල වෙන්නේ නැතුව මම හිතන්නේ ඒ අය කියන්නේ ඇයි කියන එක හොයනවා මිසක්, ඔළුවේ අමාරුවක් තියෙනවා නම් ඇඟේ අමාරුවට බෙහෙත් දීලා වැඩක් නෑ.”
“ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, අගමැතිතුමා වෙන්න පුළුවන්, විපක්ෂ නායකතුමා වෙන්න පුළුවන්, සෘජු තීන්දු ගන්න ඕන. සෘජු තීන්දු අරගෙන රටේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඕන. ඒ ප්‍රශ්න වහගෙන වැඩක් නෑ. “
“සහ ලෙඩේට නැතුව වෙන ලෙඩවලට බෙහෙත් දීලත් වැඩක් නෑ.”







