අප්‍රිකානු ජාතිකයින් නොවිය හැක්කක් ලෙස බැහැර කළ දෙය යතාර්ථයක් වෙමින් පසුගිය මාස කිහිපයේදි අප්‍රිකානු මහද්වීපය ඉස්ලාම් ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇතැයි ‘තින්ක් ටෑන්ක්’ ප්‍රතිපත්ති පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි.
සහෙල්, සෝමාලියාව, ද ලේක් චාද් බේසින්, උතුරු මොසැම්බිමක් හා උතුරු අප්‍රිකාව යන රටවල් පහේ හි ජනතාවට දිනපතා එල්ල වෙන ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට හුරුවෙන්නට සිදුව ඇතැයි එක්ස්ත් ජනපදායේ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් අප්‍රිකානු උපාය මාර්ගික අධ්‍යන අංශය නිකුත් කළ වාර්තාවක සටහන්ව ඇත.
ඉස්ලාමීය ප්‍රචණ්ක්‍රියා 2017 සිට සහෙල් වෙලාගෙන තිබේ. සහේලියානු රටවල්වල වැඩි වශයෙන් පැතිරී ඇත්තේ ‘මැකිනා ලිබරේෂන් ෆ්‍රන්ට් හා ඉස්ලාමින් ස්ටේට් ඉන් ද ග්‍රේටර් සහරා’ යන ත්‍රස්තවාදී සංවිධානය. මෙම සංවිධාන වාර්ගික ගැටුම් උග්‍ර කරමින් සිවිල් වැසියන්ට එරෙහිව මාරාන්තික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරයි.
රාජ්‍ය හා රාජ්‍ය නොවන බලවේග සමඟ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකරුවන් සමඟින් දරුණු පුපුරනද්‍රව්‍ය යොදාගෙන, සැඟවී සිටිමින් ප්‍රහාර එල්ල කරන හා දරුණු අන්දමින් සටන් වැදෙන ‘අල් ෂඩාබ්’ ත්‍රස්තවාදී කණ්ඩායම සෝමාලියාව ආක්‍රමණය කර තිබේ.
කාලයත් සමඟින් මෙම ත්‍රස්තවාදී කණ්ඩායම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයින් සේම ඈත සිට බෝම්බ පුපුරුවා හැරීමේ ක්‍රම භාවිතා කරයි. ඔවුන් සිය ආරක්ෂන මුදල් නොගෙවන ව්‍යාපාරවලට එරෙහිවන අතර තමන්ට විරුද්ධ වෙන හතුරන්ගෙන් ඉතා දරුණු ලෙස පළිගනී..
වාර්තාව සඳහන් කර ඇත.
දුර්වල ආරක්ෂාක විධිවිධානවලින් ප්‍රයෝජන ගනිමින් මොසැම්බික් හි ‘අහ්ලු සුන්නා වා ජමාස් සංවිධානය සිය බලය පතුරවමින් සිටිති.