අගමැතිවරයාට ධුරයේ රැඳී සිටින්නට ඉල්ලා අරලියගහමන්දිරයේ කැරැල්ලට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරල සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ගෝඨාගෝගමට පහරදුන් සිද්ධියෙන් අනතුරුව ඔහු සිය ආරක්ෂකයින් පිරිසත් සමග පැමිණෙමින් සිටිය දී නිට්ටඹුව නගරයේ නුවරපාර හරස්කමින් සිදුකරමින් තිබූ උද්ඝෝෂණයකට කොටු වී තිබේ.
එහිදී විරෝධතාකරුවන් ඔහු පැමිණි රථය වටකරගෙන ඇත. මේ අවස්ථාවේ දී මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් උද්ඝෝෂකයින්ට වෙඩි තබා තිබේ.
දෙදෙනෙක් වෙඩි වැදී තුවාල වී ඇත. මේ සමගම වඩාත් කුපිත වූ උද්ඝෝෂකයින්ගෙන් ගැලවුනු මන්ත්‍රීවරයා නිට්ටඹුව නගරයේ ප්‍රධාන ඇඟලුම් ආයතනයක්වන නිහාල් පැෂන්ස් වෙත දිවගොස් සැඟවී තිබේ.
උද්ඝෝෂකයින්ගෙන් බේරීමට මන්ත්‍රීවරයාගේ රියදුරාත් එළියට පැන තිබේ. . මේ අවස්ථාවේ දී භීතියට සහ කලබලයට පත් වී සිටි මන්ත්‍රීවරයා සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇත. ඔහුගේ රියදුරා ද සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.
ඔවුන දෙදෙනාගේම සිරුරු තවමත් නිහාල් පැෂන්ස් ආයතනය අසල තිබේ.
ප්‍රහාරයට ලක් වුණු රියදුරා ද මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. වෙඩි වැදුණු උද්ඝෝෂකයින් දෙදෙනෙක් බරපතල තත්වයෙන් වතුපිටිවල රොහලේ ප්‍රතිකාර ගනිමින් හිඳී.