සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු නැගෙනහිර බෞද්ධ පුරාවස්තු සහිත ඉඩම් ගැන ජනපති දුන් නියෝගය මෙන්න…

by editor
ජූනි 11, 2023 - Updated on ජූනි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඓතිහාසික කුරුන්දි විහාරයෙත්, නැගෙනහිර තිරියාය සහ වෙනත් පුරාවිද්‍යා ස්ථානවලත් ඉඩම් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ලබා දුන් නියෝග බුද්ධ ශාසන අමාත්‍යාංශය ලේකම් සෝමරත්න විදානපතිරණ මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනාරාල්වරයාට  සහ මධ්‍යම සංස්කෘතික අරමුදලලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  දැනුම් දී තිබේ.

කුරුඳුමලේ ඓතිහාසික පුරාණ දාගැබ් ගොඩැල්ල සංරක්ෂණ කටයුතු නිමා කළ අවස්ථාව

පසුගිය 08 වැනිදා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දෙමළ ජාතික සන්ධානයේ උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් ඇතුළු පිරිසක් සමග කළ සාකච්ඡාවේ දී මතු වූ කරුණු ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම නියෝග නිකුත් කර තිබේ.

මින් පෙර ද  ගවේෂණයකින් අනතුරුව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා ගෙන තිබූ    අක්කර 229 ක භූමිය මැණුම් කටයුතු  සිදු කිරීම සඳහා  පුරාවිද්‍යා නිලධාරීන් විසින්  මිනින්දෝරු නිලධාරීන්  කැඳවා තිබූ අතර එම මැණුම් නියෝගයද ජනාධිපතිවරයා විසින් නවතා දමන ලෙස නියෝග කොට තිබිණි.  සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක එම ඉඩම් බෙදා දෙන තැනට වැඩ කටයුතු සලස්වමින් සිටියේය.

පුරාවිද්‍යාත්මක ගවේෂණයකින් අනතුරුව මතුපිට  තිබූ  පුරාවස්තු විසිරී ඇති ආකාරය අනුව සිදුකළ ගවේෂණයකින් පසු පන්සල කේන්ද්‍ර කරගත් අනුරාධ පුර යුගය රූපණය වන  ජනාවාස නගරය විසිරී ඇති මෙම තීරණාත්මක භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගෙන වෙන් කර තිබුණේ  පුරවිද්‍යා ආඥාපනතට අනුගත රටේ නීතිය ප්‍රකාරවය.

එහෙත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත  එම අත් පත් කරගත් භූමියේ ඇති වගා ඉඩම් ලෙස පුද්ගලයින් විසින් ඉදිරිපත් කර ඇති ඉඩම් කොටස් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට  නියෝග කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් මෙහෙයවීමෙන් කුරුඳුමලේ දාගැබ සංරක්ෂණයට එරෙහිව දියත් වූ විරෝධතා..

තිරියාය පන්සල සතුව ඇති අක්කර තුන්දහසක ඉඩම් ප්‍රමාණයක් සම්බන්ධව පරීක්ෂා කර බලා එම ඉඩම් ගොවීන්ට නිදහස් කරන පදනම මත ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කරන ලෙසට ද නියෝග ලැබී තිබේ.

එමෙන්ම නැගෙනහිර පුරාවස්තු සම්බන්ධව ඉඩම් වෙන් කිරීම කිසිම පරීක්ෂාවකින් තොරව සිදුකළ අත්තනෝමතික ක්‍රියාවක් බැවින් එසේ අත්තනෝමතික ලෙස ස්ථානගත කර ඇති මායිම් ගල් ඉවත් කරන්නත්, නැවත පුරාවිද්‍යා ස්ථානවල සීමා මායිම් ලකුණු කරන්නත් ජනාධිපතිවරයා විසින් නියෝග කර ඇත.

මෙම නියෝග ක්‍රියාත්මක කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා තිබේ.

ජනපති මේ කියා දෙන්නේ පුරාවිද්‍යා පාඩමක් ද?

කෙසේ වෙතත් කුරුන්දි විහාරයේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු රටේ නීතියට අනුව කළ නොහැකි බව පැහැදිලි කළ පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගට ජනාධිපතිවරයා දන්වා තිබුණේ තමන් ජනාධිපති ලෙස දෙන උපදෙස් පිළිපැදිය නොහැකිනම් ඉවත්වන ලෙසය.

ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය අනුර මනතුංග ලබන 15 වැනිදා සිට ධූරයෙන් ඉවත්වන බව සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.

ජනපති දුන් නියෝගය පහත දැක්වේ. 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති අවුරුද්දටම ගෙනාවේ අයි.එම්.එෆ්. එකේ ඩොලර් මිලියන 300 විතරයි… රට තවම දුවන්නේ බැසිල් ගෙනා සල්ලිවලින් – සාගර කාරියවසම්…

Next Post

වව්නියාවෙන් එච්.අයි.වී ආසාදිතයින් 02ක් හමුවේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.