ඓතිහාසික කුරුන්දි විහාරයෙත්, නැගෙනහිර තිරියාය සහ වෙනත් පුරාවිද්‍යා ස්ථානවලත් ඉඩම් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ලබා දුන් නියෝග බුද්ධ ශාසන අමාත්‍යාංශය ලේකම් සෝමරත්න විදානපතිරණ මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනාරාල්වරයාට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
පසුගිය 08 වැනිදා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දෙමළ ජාතික සන්ධානයේ උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් ඇතුළු පිරිසක් සමග කළ සාකච්ඡාවේ දී මතු වූ කරුණු ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම නියෝග නිකුත් කර තිබේ.
මින් පෙර ද ගවේෂණයකින් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා ගෙන තිබූ අක්කර 229 ක භූමිය මැණුම් කටයුතු සිදු කිරීම සඳහා පුරාවිද්‍යා නිලධාරීන් විසින් මිනින්දෝරු නිලධාරීන් කැඳවා තිබූ අතර එම මැණුම් නියෝගයද ජනාධිපතිවරයා විසින් නවතා දමන ලෙස නියෝග කොට තිබිණි. සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක එම ඉඩම් බෙදා දෙන තැනට වැඩ කටයුතු සලස්වමින් සිටියේය.
පුරාවිද්‍යාත්මක ගවේෂණයකින් අනතුරුව මතුපිට තිබූ පුරාවස්තු විසිරී ඇති ආකාරය අනුව සිදුකළ ගවේෂණයකින් පසු පන්සල කේන්ද්‍ර කරගත් අනුරාධ පුර යුගය රූපණය වන ජනාවාස නගරය විසිරී ඇති මෙම තීරණාත්මක භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගෙන වෙන් කර තිබුණේ පුරවිද්‍යා ආඥාපනතට අනුගත රටේ නීතිය ප්‍රකාරවය.
එහෙත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත එම අත් පත් කරගත් භූමියේ ඇති වගා ඉඩම් ලෙස පුද්ගලයින් විසින් ඉදිරිපත් කර ඇති ඉඩම් කොටස් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත.
තිරියාය පන්සල සතුව ඇති අක්කර තුන්දහසක ඉඩම් ප්‍රමාණයක් සම්බන්ධව පරීක්ෂා කර බලා එම ඉඩම් ගොවීන්ට නිදහස් කරන පදනම මත ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කරන ලෙසට ද නියෝග ලැබී තිබේ.
එමෙන්ම නැගෙනහිර පුරාවස්තු සම්බන්ධව ඉඩම් වෙන් කිරීම කිසිම පරීක්ෂාවකින් තොරව සිදුකළ අත්තනෝමතික ක්‍රියාවක් බැවින් එසේ අත්තනෝමතික ලෙස ස්ථානගත කර ඇති මායිම් ගල් ඉවත් කරන්නත්, නැවත පුරාවිද්‍යා ස්ථානවල සීමා මායිම් ලකුණු කරන්නත් ජනාධිපතිවරයා විසින් නියෝග කර ඇත.
මෙම නියෝග ක්‍රියාත්මක කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා තිබේ.
ජනපති මේ කියා දෙන්නේ පුරාවිද්‍යා පාඩමක් ද?
කෙසේ වෙතත් කුරුන්දි විහාරයේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු රටේ නීතියට අනුව කළ නොහැකි බව පැහැදිලි කළ පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගට ජනාධිපතිවරයා දන්වා තිබුණේ තමන් ජනාධිපති ලෙස දෙන උපදෙස් පිළිපැදිය නොහැකිනම් ඉවත්වන ලෙසය.
ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය අනුර මනතුංග ලබන 15 වැනිදා සිට ධූරයෙන් ඉවත්වන බව සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.
ජනපති දුන් නියෝගය පහත දැක්වේ.