දිනසේන රතුගමගේ –
ඊයේ (11) වවුනියාව මහ රෝහලේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී එච්.අයි. වී (HIV) වෛරසය ශරීරගත වූ රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ දෙදෙනාම විදේශ රටවල සිට වවුනියාවට පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර වෛද්‍ය පරීක්ෂණ වලින් පසුව ඔවුන් රෝහලේ එච්.අයි.වී. සායනය වෙත යොමු කොට ඇත.
2003 වසරේ සිට මේ දක්වා වවුනියාව රෝහලෙන් එච්.අයි. වී (HIV) වෛරසය ශරීරගත වූ පුද්ගලයින් තිස් දෙදෙනෙකු හමු වී ඇති අතර ඔවුන් සියළු දෙනාම රෝහලේ වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර ලබති.