ජනාධිපතිවරයා පත් වී මේ වනතුරු ලැබී ඇත්තේ පහුගිය දිනවල ජාත්‍යාන්තර අරමුදලින් රටට ණය ලෙස ලැබුණ ඩොලර් මිලියන 300ක මුදල පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අවුරුද්දකට ආසන්න කාලයක් මේ රට ගෙනියනු ලබන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස ඉන්දියාවෙන් ගත් ණය ආධාර මත බවත් පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.
ඔහු මෙම අදහස් දක්වන්නේ හිරු ටී.වී. හාර්ඩ් ටෝක් වැඩසටහනට ඩිලාන් මායාදුන්න සමග සංවාදයකට එක්වෙමිනි.
පොදුජන පෙරමුණේ ලේකම්වරයා එහිදී පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ පොදු ජන පෙරමුණේ ඡන්දයෙන් ජනාධිපතිවරයා වුවද පොදු ජන පෙරමුණේ අති මහත් බහුතරය දේශපාලනික වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එකඟ නැති බවය.
ඊලඟ ජනාධිපතිවරණයකදී තමන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ අභිලාෂයක් පොදුජන පෙරමුණට තිබෙන බවත් ඊට එරෙහි වන්නේ අතේ ඇඟිලි ගණනට ගිනිය හැකි අතලොස්සක් පමණක් බවත් ලේකම්වරයා පැවසුවේය.
“ ජනාධිපතිවරයා බලයට පත් කරන්න පදනම වුන හැට නව ලක්ෂයක ජන වරම ගොඩ නගන්න කැපවුනේ පොදු ජන පෙරමුණේ දිස්ත්රික් නායකයො. ඔවුන්ට ඇමති ධූර ලබා දෙන ලෙස අප කළ ඉල්ලීම තවමත් වලංගුයි. නමුත් තනතුරු ඉල්ලා බැගෑපත් වෙන්න පක්ෂයක් ලෙස අප සූදානම් නෑ. “
පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් කීවේය.
ඇමති මණ්ඩල පත්කිරීමේ වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා වෙත ඇති බැවින් මෙම ඇමති ධූර ලබා දෙනවා ද නැද්ද යන්න ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව බවත් කෙසේ වෙතත් පොහොට්ටුවේ දිස්ත්රක් නායකයින් කීප දෙනෙක්ම ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන කලකිරීමෙන් සිටින බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් ප්රකාශ කළේය. .
https://www.facebook.com/watch/?v=753477129839581&extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&mibextid=5Ufylb&ref=sharing