ශ්‍රි ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට පොලිස්පතිනියක් පත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රබලයින් අතර සාකච්ඡාවක් සිදුව ඇති බව විශ්වාස කටයුතු අරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය. පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස මෙලෙස සිවිල් කාන්තාවක් පත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරී ඇති අතර ඒ සඳහා මෙරට නීති සහ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු ඉසිලූ ජ්‍යෙෂ්ඨ කාන්තා නිලධාරිනියකගේ නම යෝජනා වී ඇති බව සඳහන් වේ.
වර්තමාන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගේ විශ්‍රාම යාමෙන් පසුව හිස්වන පොලිස්පති පුටුටව සඳහා මේ වනවිට පොලිසිය අභ්‍යන්තරයේ දැවැන්ත තරගයක් නිර්මාණය වී ඇති අතර මෙම තත්ත්වය සමනය කිරීමේ සහ පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් මෙලෙස සිවිල් නිලධාරියකු පත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව සඳහන් වේ.
පොලිස්පතිවරයාද ඊළඟ පොලිස්පති ධුරයට කාන්තාවක් පත් විය හැකි බවට ඉඟි පළ කරමින් පසුගියදා අදහස් දක්වා ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වුවද ලංකාසරට අනාවරණය වන පරිදි මෙම ජ්‍යෙෂ්ඨ කාන්තා නිලධාරිනිය මෙම තනතුර භාර ගැනීමට මෙතෙක් කැමැත්ත ප්‍රකාශ කර නැති බව සදහන් වේ. මීට පෙරද පොලිස් දෙපාර්තමේන්තුවට මෙලෙස පොලිස්පතිවරයා ලෙස සිවිල් නිලධාරීන් පත් කර ඇති අතර ඇය පත්වුවහොත් පොලිසියේ මුල් පුටුවට පත් වන පළමු පොලිස්පතිවරිය ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇත.