ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු ආකාරය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ හිටපු පරිපාලකයන් කිහිප දෙනෙකු සමග ඊයේ (27) ක්‍රීඩා අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා ඇත.
මේ සඳහා සිදත් වෙත්තිමුණි, කුෂිල් ගුණසේකර හා ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස් යන සහභාගි වී ඇති බව ලංකාසරට වාර්තා වේ.
මීට දෙවසරකට පෙර මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තිමුණි, මයිකල් තිසේරා, කුෂිල් ගුණසේකර, ඩිනාල් ෆිලිප්ස්, එස්. ස්කන්ධකුමාර්, රියෙන්සි විජේතිලක, ආනා පුංචිහේවා, පාලිත කොහොන, තිලාන් විජේසිංහ, සලීම් මාර්සුෆ්, විජය මලලසේකර, යන හිටපු ක්‍රීඩකයන් හා පරිපාලකයන් පිරිසක් ක්‍රිකට් ව්‍ය්වස්ථාව වෙනස් කළ යුතු බවට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම හා අභියාචනාධිකරණය විසින් ඒ සඳහා දී තිබුණු නියෝගය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනයේ ඇති සාමාජික සංඛ්‍යාව 147 ක් වන අතර ටෙස්ට් ක්‍රීඩා කරන අනිකුත් රටවල් හා සංසන්දනය කරන විට එය විශාල සංඛ්‍යාවක් බවත් එය අඩු කළ යුතු බවත් අභියාචනාධිකරණයද පිළිගෙන තිබේ.
මේ සඳහා ක්‍රීඩා ඇමතිවරයාගේද පූර්ණ සහයෝගය පිරිනැමෙන අතර ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයද එය අනුමත කර ඇත.
මෙම හමුවේදී අතුරු කමිටුවක් පත් කර මෙම සංශෝධන කළ හැකි ආකාරයද සාකච්ඡාවට භාජනය වී තිබේ.