අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට මරණ තර්ජන… කලින් තර්ජන එල්ල වූ කොමිසමේ සාමාජික දිවාරත්නට යළිත් තර්ජන….

by editor
ජනවාරි 28, 2023
in පුවත්
ELECTION-c
Share on FacebookShare on Twitter

සිය ධුරයෙන් ඉවත් වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් ට ඊයේ (27) රාත්‍රියේ දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබේ.

එම තර්ජන එල්ල වන්නේ පසුගිය 18 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකුවන එස්.බී. දිවාරත්නට හා කේ.පී.පී. පතිරණට ද දුරකථනය ඔස්සේ තමන් දරන ධුරවලින් ඉවත් වන ලෙසට දන්වා මරණ තර්ජන එල්ල කිරීමෙන් පසුය.

18 දා මරණ තර්ජන එල්ල වූ කොමිසමේ සාමාජික එස්.බී. දිවාරත්නට ඊයේ (27) යළත් වරක් වට්ස්ඇප් හරහා කෙටි පණිවිඩයක් එවමින් ධූරයෙන් ඉවත්වන ලෙස දන්වා මරණ තර්ජන එල්ල කර තිබේ. ඊයේ රාත්‍රියේ යළිත් වරක් අදාල අංකයෙන් දුරකථන ඇමතුම් පැමිණ තිබු නමුත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා නොමැති විට මෙම කෙටි පණිවිඩය යොමු කර ඇත.

විශේෂත්වය වන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් ට සහ යළිත් වරක් එස්.බී. දිවාරත්නට මරණ තර්ජන එල්ල වන්නේ මින් පෙර කොමිසමේ සාමාජිකයන්ට  එල්ල කළ මරණීය තර්ජන සම්බන්ධව පොලිස් ආරක්ෂාව ලබා දී සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති පසුබිමක වීමය.

එමෙන්ම මේ වනවිට මැතිවරණ කොමිසමේ සිටි එකම කාන්තා කොමසාරිස්වරිව වන පී. එස්. එම්. චාල්ස් කිසිම හේතුවක් නොදන්වා කොමිසමෙන් ඉල්ලා අස්වීමට තීරණ කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද පැවති මාධ්‍ය හමුවකදි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි  ප්‍රකාශ කළේ එකම දුරකථන අංකයක් ඔස්සේ වට්ස්ඇප් හරහා මෙම තර්ජන එල්ල කර ඇති බවය.

තමන්ට තර්ජනය කිරීමේ  සිද්ධිය පිළිබඳව එම්.එම්.මොහොමඩ් සහ එස්.බී. දිවාරත්න විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය හරහා ඔවුන්ට අවශ්‍ය   ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සාමාජිකයින්ගේ නිවෙස් වෙත ගොස් ප්‍රකාශ ලබා ගෙන විමර්ශන ආරම්භ කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 ඊළඟ පොලිස්පති තනතුරට කාන්තාවකගේ නමක් යෝජනා වෙයි!

Next Post

මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලි පනී… ගමනාගමනය කළුතරින්  මුළුමනින්ම අවහිරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.