ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන කෙටුම්පත ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබුණ ද එම සංශෝධනයේ අන්තර්ගතය පිළිබඳව ඇතැම් පක්ෂ නායකයින් දැනුම්වත් නොවී සිටීම නිසා කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකර සිටි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
ලබන බ්‍රහස්පතින්දා (16) පැවැත්වෙන පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමෙන් පසු ලබන සඳුදා රැස්වන කැබිනට් මණ්ඩලයට මෙම කෙටුම්පත ඉදිරිපත් කර සම්මත කරගැනීමට අපේක්ෂා කරන බවත් අධිකරණ ඇමතිවරයා කියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධව පක්ෂ නායකයින් දැනුම්වත් කිරීමේ මෙම විශේෂ රැස්වීම ජනාධිපති හා අගමැති ප්‍රධානතක්වයෙන් පැවත්වීමට නියමිතව ඇත.
මෙම පක්ෂ නායක රැස්වීමේ දී 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති හා අන්තර්ගතය සම්බන්ධව පුළුල් පැහැදිලි කිරීමක් කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසයි.
මීට ඉහත දී ඇවස්ථා ගණනාවක දී 21 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගැනීමට අධිකරණ ඇමතිවරයා උත්සාහ ගත්ත ද විවිධ හේතු නිසා එය මග හැරී ගියේය.