වත්තල ඇලකන්දේදී මට්ටක්කුලියේ පදිංචි පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත.
මත්කුඩු ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙක් වන ඔහු වෙඩි වැදීමෙන් බරපතල තුවාල සහිතතව රාගම රෝහලට ඇතුළත්කර තිබේ. එහිදී ඔහු මිය ගොස් ඇත.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවත් ටී 56 අවියක් ඒ සඳහා යොදාගෙන තිබෙන බව පෙනී යන බවත් පොලීසිය සඳහන් කරයි.
නිපුන නැමැති එම වෙඩි වැදුණු පුද්ගලයාගේ පියාද කලකට පෙර ඝාතනය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මේ ලිපියත් බලන්න….
මහා පරිමාණ කුඩු ජාවාරම් විමර්ශනවල සාක්ෂිකරුවන් ඝාතන රැල්ලක්… ඊයේ ඝාතනය වුනේත් සාක්ෂි කරුවෙක්…