කොළඹ නවලෝක රෝහලේ දී ඊයේ (25) සවස අගමැතිවරයාගේ මුඛයෙහි කළ සැත්කමින් අනතුරුව ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව අග්‍රමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ එංගලන්තයේ වාසය කරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තු ලංකාවට පැමිණ සිටින කාල වකවානුව තුළ මෙම සැත්කම කිරීමට කලින් සැලසුම් කර තිබුණු බව එම ආරංචි මාර්ග කියයි.
මේ වනවිට අග්‍රාමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වාර්තා වේ.







