දිනසේන රතුගමගේ –
නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන සිටින ඉන්දිය ධීවරයින් 55 දෙනෙකුට එරෙහිව පලමු වතාවට ජී.පී.ආර්.එස් තාක්ෂණ සිතියම් ඔස්සේ කයිට්ස් අධිකරණයේ නඩු පැවරීමට ධීවර පරීක්ෂක ඉලධාරීන් 25 දා පියවර ගෙන තිබේ.
පසුගිය දෙසැම්බර් මස 19 වෙනිදා මෙම ඉන්දීය ධීවරයින් පිරිස යාපනයේ ඩෙල්ෆ්ට් හා එලුවතීව් යන දූපත් ආශ්‍රිතව නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටියදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන්ට එරෙහිව නඩු පැවරූ අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කොට තිබුණේ ඔවුන් ශ්‍රී ලංකා මුහුදුකලාපයට ඇතුලු නොවූ බවයි.
ඒ අනුව ඔවුන්ගේ යාත්‍රාවල තිබූ ජී.පී.ආර්.එස් සිතියම් නාවික හමුදාවේ සහය මත ලබා ගත් ධීවර පරීක්ෂක නිලධාරීන් නාවික හමුදාවේද ජී.පී.ආර්.එස්. සිතියම් උපයෝගී කරගෙන පළමු වතාවට යළි නඩු පවරා තිබේ.
එම නඩුවට පෙර ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට පත් වයස අවුරුදු 14 ක ළමයෙකු විශේෂ අධිකරණ නියෝගයක් මත නිදහස් කරලීමටද ධීවර පරීක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණි.