ඔමික්‍රොන් වයිරසය සංකූලතාවන් අවම බව පෙන්නුම් කළද පැතිරීමේ වේගය අනුව ඉදිරි සති කීපය තුළදී සංකූලතාවන්ගේ වෙනසක් ඇතිවීය හැකි බව ළමා රෝග විශේෂඥ චන්න ද සිල්වා සඳහන් කරයි.
දරුවන්ගෙන් සැලකිය යුතු කොටසක් මේ වන විට එන්නත්කරණයට ලක් කර නොමැති නිසා දරුවන්ව ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත් යැයි විශේෂඥවරයා පෙන්වාදේ.
කෙසේ වෙතත් මේ වන විටත් කොවිඩ් වයිරසයට දරුවන් ගොදුරු වීම ඉහළ යමින් පවතින බැවින් දරුවන්ව රෝගයෙන් බේරා ගැනීමට නම් වැඩිහිටියන් වහාම බූස්ටර් එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි ඔහු වැඩිහිටියන්ගෙන් ඉල්ලා සටියි.
දරුවන්ට රෝගය ආසාදනය වි ඇත්තේ වැඩිහිටියන්ගෙන් බැවින් වැඩිහිටියන් බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් දරුවන්ටද ආරක්ෂාවක් සැලසෙන බව විශේෂඥවරයා පනේවා දෙයි.







