පසුගියදා බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන හැකි ඉක්මනින් අවසන් කරන ලෙස අධිකරණය අද (25) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
ඒ මෙම නඩුව අද (25) පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ එම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී ය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවස්ථානයේ සේවකයා පෙබරවාරි 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය අද නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රඳවා සිටින විශ්‍රාමික වෛද්‍යවරයෙකුගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය ඒ අවස්ථාවේ දී අධිකරණයට දැනුම් දුන්නේය.









