සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ අහුන්ගල්ලේ ඝාතකයන් පැමිණි යතුරුපැදිය කිරිල්ලඇලේ ගිල්වා තිබිය දී සොයා ගනී…

by editor
මාර්තු 2, 2024
in පුවත්
පච්ච මංජු ඝාතනයට ඝාතකයන් පැමිණි යතුරු පැදිය...

පච්ච මංජු ඝාතනයට ඝාතකයන් පැමිණි යතුරු පැදිය...

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – 

අහුන්ගල්ල, කරිජ්ජපිටිය අමුණ අසල කිරිල්ල ඇලේ ගිල්වා තිබූ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් ඊයේ (01) රාත්‍රී අහුන්ගල්ල පොලීසිය මගින් සොයා ගෙන තිබේ.

මෙම යතුරු පැදිය ඊයේ (01) දහවල් අහුන්ගල්ල ‘රියු’ හෝටලය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරුවන් පලාගිය යතුරු පැදිය බවට හඳුනාගෙන තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කියයි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම යතුරු පැදිය සොයාගෙන තිබෙන අතර  අහුන්ගල්ල පොලීසියේ නිලධාරින් හා එක්ව එය ඇලෙන් ගොඩගෙන අහුන්ගල්ල පොලීසියට රැගෙන විත් තිබේ.

ඊයේ (01) දහවල් 12.30 ට පමන අහුන්ගල්ල ‘රියු’ හොටලය අසලදී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ නො – 07, පාසැල් මාවත, හිද්දරුව, කොස්ගොඩ පදිංචි ජෝතිමුණි නීල් කුසුම් කුමාර මැන්ඩිස් නොහොත් ‘පච්චා මංජු’ නැමැති 45 හැවිරිදි අයෙකි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඝාතනය වූ පච්චා මංජු…

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) දහවල් බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී එස් ජී එස් දන්ගහවත්ත   විසින් බළපිටිය මූලික රෝහලලේදී පවත්වා තිබේ. මියගිය අයගේ බෙල්ලට, වම් ඇහැට උඩින් හා වම් කන පැත්තෙන් වෙඩි පහර 03 ක් එල්ල කර තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. 

මෙම වෙඩි පහරවල් 03 ම මාරාන්තික පහරවල් බවත් හිසට සිදු වූ බරපතල හානි, බාහිර හා අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව තිබෙන බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

සිද්ධිය වූ අවස්ථාවේම බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක  විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාවක් කර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘතදේහය බළපිටිය මූලික රෝහලට ගෙන යෑමට උපදෙස් ලබා දුන්නේය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘතදේහය, ඝාතනයට ලක් වූ අයගේ බිරිය වන නො – 07, පාසැල් මාවත, හිද්දරුව, කොස්ගොඩ ලිපිනයේ පදිංචි මුතුවාහන්දි දිනූකා ද සිල්වා (40) නැමැති අයට බාර දීමටත් කොස්ගොඩ, හෑගල්ල පොදු සුසාන භුමියේදී භූමදානය කිරීමටත් මහේස්ත්‍රාත්වරයා විසින් දැනුම් දී තිබේ.

ඝාතනයට ලක් වූ අය අහුන්ගල්ල’රියු’ හෝටලය ආසන්නයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරමින් සිටින බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ ඉදිකෙරෙමින් පවතින වෙළෙඳසැලක් අසල සිටි පුද්ගලයෙක් බවට සීසීටීවී කැමරා දර්ශන මගින් තහවුරු වන බවත් අහුන්ගල්ල පොලීසිය කියයි.

ඝාතකයන් පැමිණෙන ආකාරය සහ වෙඩි තබා පිටවි යෑමට සැරසෙන අවස්ථාව…

වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණෙන ආකාරය, වෙඩික්කරු අදාළ වෙළඳසැල අසලට පැමිණ යතුරුපැදියෙන් බැස වෙළෙඳ සැලට යන ආකාරය, වෙළෙඳසැල තුළ සිටි අයෙක් පැමිණ යම් කිසි දෙයක් පවසා එම ස්ථානයෙන් දිවයන ආකාරය සහ වෙඩික්කරු ‍වෙළෙඳසැල තුළට දිව ගොස් වෙඩි ප්‍රහාරයන් එල්ල කර ඔවුන් පැමිණි ස්කූටි වර්ගයේ යතුරු පැදියෙන්ම පලායන ආකාරය සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ ඇති සීසීටීවී කැමරා දර්ශන මගින් පැහැදිලි වන බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 

වෙඩි ප්‍රහාරයන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ හිසටම එල්ල කර තිබූ බවත් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ බවත් අහුන්ගල්ල පොලීසිය විසින් තහවුරු කරගෙන තිබුණි.

ඝාතනයට ලක් වූ අය දැනට ඩුබායි හි සිටින බව කියන ගරුමුණි සුජිත් ද සොයිසා (36) නොහොත් ‘කොස්ගොඩ සුජී’ නම් පාතාල කල්ලි සාමාජිකයාගේ ඥාතී සහෝදරයෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූ තිබේ. මියගිය අය කොස්ගොඩ සුජීගේ පියාගේ නැගණියගේ පුතා බවට තහවුරු වූ බවද අහුන්ගල්ල පොලීසිය කියයි. 

කොස්ගොඩ සුජී සමග අහුන්ගල්ලේ  ලත්තුවාහන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා (34) නොහොත් ‘ලොකු පැටී’ නමින් හදුන්වන අයෙකු අතර කාලයක් තිස්සේ පවතින විරසකය හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබෙන බවද අහුන්ගල්ල පොලීසිය කියයි. ලොකු පැටී නැමැති අයද ඩුබායි සැඟවී සිටින බව පොලීසියේ මතය වී තිබේ.

පසුගියදා බෙලිඅත්තේදී සිදු වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පංච පුද්ගල ඝාතනයට පළි ගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි. මෙම පංච පුද්ගල ඝාතනය සිදුකර තිබෙන්නේ කොස්ගොඩ සුජීගේ පාර්ශවයෙන් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයෙන් මියගිය සමන් පෙරේරා ඇතුළු පිරිස අහුගල්ලේ ලොකු පැටී හා රත්ගම විදුරගේ පාර්ශවයේ පුද්ගලයින් බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මෙම දෙපාර්ශවය අතර දිගුකලක සිට මෙම මරා ගැනීම සිදුවන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය. මෙම කොන්තරයේ ආරම්භය මීට අවුරුදු 30 කට ආසන්න සිද්ධියක් බවද එයින් මේ වන විට දෙපාර්ශවයේම 20 කට ආසන්න පිරිසක් ඝාතනයට ලක් ව තිබෙන බවද පොලීසිය කියයි.

කෙසේ වෙතත් ඊයේ (01) ඝාතනයට ලක් වූ පුද්ගලයාට කිසිදු අපරාධමය චෝදනාවක් නොමැති අහිංසකයෙකු බවත් කොස්ගොඩ සුජීගේ ඥාතියෙකු වීම ඝාතනය හේතුවන්නට ඇතැයි විශ්වාස කරන බවත් පොලීසියේ මතය වී තිබේ. 

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරිත් හල්විට මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පඬුරු බැඳගෙන “පේරාදෙණිය වළ” රැක්ක  “වළේ අංකල් “

Next Post

තරුණ කාන්තාවකට තුවාල වෙන්න පහරදුන් මුසම්මීල්ගේ පුතා අත් අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් අරඹලා!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.