ලලිත් චාමින්ද –
දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ ට ජනාධිපති උපදේශක තනතුරක් ලබාදිමට යෝජනා වි ඇති අතර ආණ්ඩුකාරවරයා විසින් එම උපදේශක තනතුර භාරගැනිම ප්රතික්ෂේපකොට ඇති බව දකුණුපළාත් ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේට ජනාධිපති උපදේශක තනතුරක් භාරගන්නා ලෙස ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ආරාධනා කොට තිබුණි. ආණ්ඩුකාරවරයා විසින් එම ඉල්ලිම කාරුණිකව ප්රතික්ෂේපකොට ඇති බව දැන ගන්නට ඇත.
ඉදිරියේ දි ආණ්ඩුකාරවරයා ශ්රිලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට සහයෝගය ලබාදෙමින් පොදුජන පෙරමුණේ කාර්යාලයේ කටයුතු කිරිම සදහා සුදානමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ශ්රි ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරියේ දි ගනු ලබන දේශපාලන තින්දු සදහා සහයෝගය ලබාදෙමින් ඉදිරි කටයුතු කිරිමට ආණ්ඩුකාරවරයා තින්දුකොට ඇතිබවද ආණ්ඩුකාරවරයාට සමිප ආරංචි මාර්ග සදහන් කරයි.
දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මැයි මස 02 වැනිදින සිට ක්රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකොට ඇත.
දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා වශයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා 02 වැනිදින දකුණු පළාත් ආණ්ඩුකාරධුරයේ වැඩභාර ගැනිමට නියමිතව ඇත.