දිනසේන රතුගමගේ –
යාපනයේ පුංගුඩුතීව් කන්නගි අම්මාන් කෝවිලේ විශේෂ දේව පූජාවකදී වල්ලි හා දේවානෙයි යන දේවතාවියන්ට පූජා කළ සාමාන්‍ය රුපියල් ලක්ෂ 16 කට එක් බැතිමතෙකු විසින් ඊයේ ( 23 ) මිලට ගෙන තිබේ. ඒ එදින පැවති වෙන්දිසියකදී ය.
එම කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන තීර්ථ මංගල්ලයේදී සරමක් හා සාරියක් දෙවියන් හා දේවතාවියන් උදෙසා පූජා කිරීම සාම්ප්‍රදායික සිරිතක් වී තිබේ.
තීර්ථ මංගල්ලයෙන් පසුව එම සරම හා සාරිය බැතිමතුන් ඉදිරියේ වෙන්දේසි කරන අතර එහිදී වෙළඳ පලෙන් රුපියල් 5600 කට මිලට ගෙන තිබූ සාරිය රුපියල් ලක්ෂ 16 කට බැතිමතෙකු විසින් මිලට ගෙන තිබේ.
දෙවියන්ට පූජා කළ සරම වෙන්දේසියේදී අලෙවි වී ඇත්තේ රුපියල් 23000 කටය.
තීර්ථ මංගල්ලයේදී කෝවිල අසල වු මුහුදෙන් ස්නානය කොට විශේෂ දේව මෙහෙයට සහභාගී වන්නේ පුරා දින හතක් මුළුල්ලේ පවැත්වෙන අවශේෂ පූජාවලින් පසුව හත්වන දිනයේදී පැවැත්වෙන විශේෂ පූජාවටය.
මෙවර පුංගුඩුතීව් කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික තීර්ථ මංගල්ලය සඳහා බැතිමතුන් තුන් දහසක් පමණ සහභාගී වී සිටියහ.