මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ මින්නේරිය වැව පාරේ, විදුලි බල මණ්ඩල කාර්යාලය අසලදී ඊයේ ( 23 ) සවස සිදුකර ඇති පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මින්නේරිය වැව පාර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 39 ක එක්දරු පියෙකි.
මියගිය පුද්ගලයා මින්නේරිය වැවේ ධීවර රැකියාවේ නිරත පුද්ගලයෙකුවන අතර ඔහු ඝාතනය සිදුකළ පුද්ගලයා ධීවර රැකියාව සම්බන්ධයෙන් මින්පෙර ඇතිව තිබූ ආරවුලක් දුර දිගගොස් මෙලෙස ඝාතනය කර ඇති බව පරීක්ෂණ සිදුකරන මින්නේරිය පොලිසිය සඳහන් කරයි,
ඝාතනයට සම්බන්ධ පුද්ගලයාද මින්නේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ,පී.ඩබ්ලිව්. ප්‍රේමලාල් අප කළ විමසීමකදී පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මින්නේරිය, හේන් යාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26-30ත් අතර පසුවන පුද්ගලයින් බවත්, එම දෙදෙනාද මින්නේරිය වැවේ ධීවර රැකියාවේ නිරත පුද්ගලයින් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් අද ( 24 ) හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේවනවිට හිගුරක්ගොඩ මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීෂණ අද සිදු කිරීමට නියමිතය.