බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ඉරානය ඇමරිකානු ප්‍රහාරයක් අභියස ද?

by editor
ජනවාරි 15, 2026
in පුවත්
Iran

විරෝධතාවලින් මියගිය ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ අවමංගල්‍යයට ජනතාව සහභාගී වෙති...

Share on FacebookShare on Twitter

කපිල කේ. හීනටියන –

ඇමරිකාව ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානම උත්සන්න වී ඇත.  ජනාධිපති ට්‍රම්ප්ගේ “අනපේක්ෂිත බව” (Unpredictability) මූලික කරගත් විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා මේ වන විට දැඩි යුද භීතියක් පැතිර ගොස් තිබේ. විශේෂයෙන්ම, සාමාන්‍යයෙන් හමුදා මෙහෙයුමකට පෙර දක්නට ලැබෙන රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනයන් පවා අත්හිටුවා තිබීම, ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල වීමේ සම්භාවිතාව ඉහළ නංවන්නකි.

බටහිර ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ට්‍රම්ප් පරිපාලනය හිතාමතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් ඉරාන ආරක්ෂක අංශ දැඩි මානසික පීඩනයකට ලක් කර ඇති බවයි. බස් රථ මගින් හමුදා භටයින් ඉවත් කිරීම වැනි සාම්ප්‍රදායික සංඥා වෙනුවට, ඉතා රහසිගතව සහ කඩිනමින් ප්‍රධාන මර්මස්ථානවලින් නිලධාරීන් ඉවත් කිරීම මගින් ඉඟි කරන්නේ “ඕනෑම තත්පරයකදී” ක්‍රියාත්මක විය හැකි දැවැන්ත ගුවන් හෝ මිසයිල ප්‍රහාරයකට වොෂින්ටනය සූදානම් වී ඇති බවයි

.ඊශ්‍රායල සහ යුරෝපීය බුද්ධි අංශ මගින් ලැබී ඇති “පැය 24 කේඩුව” පිළිබඳ අනතුරු ඇඟවීම් හේතුවෙන්, කලාපය පුරා පිහිටි ඇමරිකානු මිත්‍ර පාර්ශවයන් සිය ගුවන් ආරක්ෂක පද්ධති උපරිම සීරුවෙන් (High Alert) තබා ඇති අතර, මෙය දශක කිහිපයකින් කලාපය මුහුණ දෙන අස්ථාවරම අවස්ථාව ලෙස සනිටුහන් වී ඇත.

ඉරාන ඉස්ලාමීය ජනරජය සිය ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම දේශීය නොසන්සුන්තාව පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින පසුබිමක, විරෝධතාකරුවන් වෙනුවෙන් මැදිහත් වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් කරන තර්ජනය සම්බන්ධව ලෝකයම සිටින්නේ දැඩි  තිගැස්මෙනි.

Iran
විරෝධතාකරුවන් කළ විනාශය…

ට්‍රම්ප්ගේ සූදානම

කලාපීය ආතතීන් උත්සන්න වීම හේතුවෙන් පූර්වාරක්ෂක පියවරක් ලෙස ප්‍රධාන කඳවුරුවලින් පිරිස් ඉවත් කර ගන්නා බව නිර්නාමිකභාවය මත එක්සත් ජනපද නිලධාරියෙක් තහවුරු කළේය. මේ අතර, කටාර්හි පිහිටි ගුවන් කඳවුරකින් බ්‍රිතාන්‍යය ද සිය නිලධාරීන් ඉවත් කර ගනිමින් සිටින බව “දි අයි” (The i) පුවත්පත වාර්තා කර ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මැදපෙරදිග විශාලතම ඇමරිකානු කඳවුර වන කටාර්හි ‘අල් උඩෙයිඩ්’ (Al Udeid) ගුවන් කඳවුරේ ඉවත් කිරීම් වර්තමාන කලාපීය ආතතීන්ට ප්‍රතිචාර වශයෙන් සිදු කරන්නක් බව කටාර් රජය තහවුරු කළේය.

බටහිර හමුදා නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේ, “සියලු සංඥාවලින් පෙනී යන්නේ එක්සත් ජනපද ප්‍රහාරයක් ආසන්න බවයි. අනපේක්ෂිත බව සිය උපාය මාර්ගයේ කොටසක් ලෙස භාවිත කරමින් ට්‍රම්ප් පරිපාලනය සියල්ලන්ම දැඩි අවධානයෙන් තැබීමට කටයුතු කරයි,” යනුවෙනි. ඉදිරි පැය 24 තුළ එක්සත් ජනපද හමුදා මැදිහත්වීමක් සිදුවිය හැකි බව යුරෝපීය නිලධාරීන් දෙදෙනෙකු සඳහන් කළ අතර, මැදිහත් වීමේ විෂය පථය සහ වේලාව අපැහැදිලි වුවද ට්‍රම්ප් ඒ සඳහා තීරණයක් ගෙන ඇති බව ඊශ්‍රායල නිලධාරියෙක් පවසා තිබේ.

ආර්ථික අර්බුදය සහ දරුණු නොසන්සුන්තාව

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් යුරෝපීය බලවතුන් පැනවූ සම්බාධක හමුවේ එරට ආර්ථික අර්බුදය දරුණු විය. මෙම තත්ත්වයට එරෙහිව සති දෙකකට පෙර ආරම්භ වූ විරෝධතා මෑත දිනවලදී වේගයෙන් උත්සන්න විය. මෙය 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරානය මුහුණ දුන් වඩාත්ම ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාව ලෙස සැලකේ.

මරණ සංඛ්‍යාව පිළිබඳ විවිධ වාර්තා පළ වෙමින් පවතින අතර 2,000 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව ඉරාන නිලධාරීන්  පවසයි. මානව අයිතිවාසිකම් කණ්ඩායම් පවසන්නේ මරණ සංඛ්‍යාව 2,600 ඉක්මවන බවය.

HRANA ආයතනය  දත්තවලට අනුව  විරෝධතාකරුවන් 2,403 දෙනෙකුගේ සහ රජයට සම්බන්ධ 147 දෙනෙකුගේ මරණ සත්‍යාපනය කර තිබේ.  මෙය 2009 සහ 2022 වසරවල පැවති විරෝධතාවලට වඩා බෙහෙවින් වැඩි බව එම ආයතනය පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ මේ වනවිට විරෝධතා කරුවන් 18, 137ක් අත් අඩංගුවේ පසුවන බවය.

ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දොල්රහිම් මවුසාවි ප්‍රකාශ කළේ ඉරානය මෙවැනි විනාශයකට මීට පෙර කිසිදා මුහුණ දී නොමැති බවයි. ඔහු මෙම නොසන්සුන්තාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට චෝදනා කළේය.

ට්‍රම්ප්ගේ ස්ථාවරය සහ රාජ්‍ය තාන්ත්‍රික හුදෙකලාව

විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ඉරානයට එරෙහිව “ඉතා දැඩි ක්‍රියාමාර්ග” ගන්නා බවට ජනාධිපති ට්‍රම්ප් CBS පුවත් සේවය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රතිඥා දුන්නේය. එක්සත් ජනපදය ඉරානය ඉලක්ක කළහොත්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තුර්කියේ පිහිටි ඇමරිකානු කඳවුරුවලට පහර දෙන බවට ටෙහෙරානය පෙරලා තර්ජනය කර ඇත.

මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සහ එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් අතර පැවති සෘජු සම්බන්ධතා ද අත්හිටුවා තිබේ.

ඉරානයේ ප්‍රතිචාරය

ඉරාන රජය පෙන්වා දෙන්නේ තවමත් තත්ත්වය පාලනය යටතේ පවතින බවයි. රාජ්‍ය රූපවාහිනිය හරහා රජයට පක්ෂපාතී මියගිය පිරිස් වෙනුවෙන් පැවැත්වූ දැවැන්ත අවමංගල්‍ය පෙරහැරවල් විකාශනය කරමින් මහජන සහයෝගය ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කෙරිණි. ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කළේ මහජන සහයෝගය ඇති තාක් සතුරන්ගේ උත්සාහයන් නිෂ්ඵල වන බවයි.

අවසාන වශයෙන්, වොෂින්ටනය ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙස ඉරානය කලාපයේ සිටින ඇමරිකානු සහචරයින්ගෙන් (කටාර්, තුර්කිය සහ එමීර් රාජ්‍යය) ඉල්ලා ඇති බව වාර්තා වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාව රටවල් 75 ක සියලුම සංක්‍රමණික වීසා සැකසුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි!

Next Post

1 වසරට සැලසුම් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජනවාරි 29 ඇරඹෙයි…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.