ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි සැකකරුවෙකු ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීම සහ මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුව අද (01) දිනයේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී යළි කැඳවූ අවස්ථාවේ දී ය.
මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ එම සිද්ධියේ 5 වන සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාරය.
එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සෙසු සැකකරුවන් 5 දෙනා වන සෞඛ්‍ය අමාත්‍යාශංයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, එන්නත් තොගය සැපයූ සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී නෙරාන් ධනංජය, වෛද්‍ය සැපයුම් අංශයේ නියොජ්‍ය අධ්‍යක්ෂ එච්.බී හේරත් එළඹෙන 15 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.







