පාකිස්ථානයේ භාරකාර අග්‍රාමත්‍යවරයා ලෙස හිටපු අගවිනිසුරු ගුල්සාර් අහමඩ්ව ඉම්රාන් ඛාන් විසින් නම් කරු ලැබ තිබේ.
පාකිස්ථාන තුල මේවන විට නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවර භාවය මත එරට ජනාධිපති අරිෆ් අල්වි විසින් භාරකාර අග්‍රාමත්‍යවරයකු පත්කරගැනීමේ අවශ්‍යතාව පිළිබද අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් සහ විපක්ෂ නායක ශෙබාස් ශරිෆ් හට ලිපියක් යොමු කිරීමෙන් අනතුරුව මෙම නම් කිරීම සිදුකර ඇත.
ජනාධිපතිවරයාගේ ලිපියට ප්‍රතිචාර වශයෙන් ඉම්රාන් ඇතුළු සිය පක්ෂ සාමාජිකයින් විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව හිටපු අගවිනිසුරුවරයාගෙ නම මෙලෙස යෝජනා කර තිබේ.
පාකිස්ථාන ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිවරයාට භාරකාර අග්‍රමාත්‍යවරයකු පත් කිරීමේ හැකියාව පවතින අතර ඔහු පත්කරන තෙක් ඉම්රාන් ඛාන් එරට අග්‍රාමත්‍යධුරයේ කටයුතු කරනු ඇත.
ඉම්රාන් ඛාන්ගේ පාලනය සම්බන්ධයෙන් පාකිස්ථාන තුල දැඩි විවේචනයට ලක්ව ඇති අතර එහිදී ඔහු විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ඔහු වෙත ඉදිරිපත්ව තිබූ විශ්වාසභංග යෝජනාව මඟහැරීමට පියරව ගැනිනි. එහි ප්‍රතිඵලයක් ලෙස එරට තුල භාරකාර අග්‍රාමාත්‍යවරයකු පත් කිරීමට සිදුවිය.
මෙලෙස නම් කළ භාරකාර අග්‍රාමත්‍යවරයා හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ට පැනමා පත්‍රිකා සම්බන්ධයෙන් එල්ලවී තිබූ චෝදනා විභාග කළ විනිසුරු මඩුල්ලෝද සාමාජිකයකුව සිටියේය.