රටේ උද්ගතව ඇති වත්මන් තත්වය පිලිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (07) පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ජනාධිපති ලේකම්වරයාගේ කාර්යාලයේ දී පැවැත්විනි.
ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනයකට අනුව රනිල් වික්‍රමසිංහ ඒ සඳහා එක් වී ඇති අතර සාකච්ඡාවට ඔවුන් දෙදෙනා පමණක් සහභාගී වී ඇත.
රටතුළ ඇතිවී තිබෙන අර්බුදවලට කඩිනම් විසඳුම් ලබා දී ජනතාව ජීවත් කරවීම සඳහා විශේෂිත වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හිටපු ඇගමැතිවරයා මෙහෙදී පෙන්වා දී ඇත.
පසුගිය කාලය තුළ දී ආණ්ඩුව අනුමනය කළ වැරදි ක්‍රියාමාර්ග හා ඇතැම් තීන්දු තීරණ ගැනීමේ දී සිදුවූ ප්‍රමාදයන් නිසා රට මෙවැනි කඩා වැටීමකට ලක්ව ඇති බවත්, ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යා යුතු බවත් ඔහු පෙන්වා දී ඇත.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට යෑම සහ ඒ යටතේ ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා ගැනීම මෙන්ම එහි ඉදිරි පියවර සම්බන්ධයෙන් ජානධිපතිවරයා මෙහිදී හිටපු අගමැතිවරයාගෙන් කරුණු විමසා ඇත.
ඉන්දියා චීනය ජපානය ඇතුළු කලාපයේ ප්‍රධාන රටවල් පහක් එකතු කරගෙන ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත කමිටු සහ ශ්‍රී ලංකාවේ අනාගතය පියවර සම්බන්ධව දෙදෙනා අතර දීර්ඝ සාකච්ඡාවක් පැවති බව වාර්තා වේ.