ඊයේ මා ගෝල්ෆේස් පිටිය දෙසට ඇවිද යද්දී අපූරැ පුද්ගලයෙකු මුණ ගැසුණි.
“පච්ච කොටනවා, පච්ච කොටනවා”
ඔහුගේ හඩින් විමතියට පත් මම හිටිවනම නැවතුනෙමි. අරගලය අස්සේ ජීවන අරගලය ගොඩදාන්න මිනිස්සු නොකරන දෙයක් නැතැයි සිහිවී මට සුස්මක් ද පිට විය.
“අතේ, බෙල්ලේ, නළලේ, බඩේ, කකුලේ තමන්ගෙ ඇහැට පේන ඕන තැනකට කොටනවා”
මම සෙමෙන් ඔහුට ලං වුනෙමි.
*පස්ස පැත්තේ පච්චා කොටන්නේ නැද්ද?”
මා එසේ ඇසුවේ සමහරැන්ගේ තේරීම එය බව දන්නා නිසාය. එය ඔහුගේ ඉවසීම පරීන්ෂා කරන ප්‍රශ්නයක් වුවත් හේ ඉතා සංයමයෙන් දුන්නේ අමුතුම පිළිතුරකි.
“නෑ සහෝදරයා. මේ පච්ච තමන්ට නොපෙනෙන තැන්වල කොටන්නේ නෑ. තමන්ට එක එල්ලේ පේන තැනක හරි, නැත්තන් අඩු ගාණේ කණ්නාඩිය ඉස්සරහට ගියමෙ තමන්ටම පේන තැනක විතරයි මේවා මම කොටන්නේ”
මොන රෙද්දක්ද? තමන්ගෙ පච්චෙ තමන්ට ඕන තැනක කොටා ගන්න බැරි මොකදැයි මා විමසන්නට යද්දී ඔහු යළි ජනතාව ඇමතීමට මුව විවර කළේය.
“එන්න එන්න අරගලයේ පච්චය කොටා ගන්න. කවදාවත් අමතක නොවෙන්න අරගලයේ පච්චය කොටා ගන්න”
හේ බෙරිහන් දුන්නේය. මා ඇසීමට සිටි ප්‍රශ්නය වෙනස් විය.
“මොකක්ද ඔහේ ඔය කොටන පච්ච?” මම ඇසුවෙමි.
“වෙන මොනාද? ගෝහෝම්ගෝඨා# ගෝහෝම්රාජපක්ෂස්# අපේසල්ලිඅපිටදියව්# ඔච්චර තමයි. මේක ප්‍රජා සේවයක් ලොක්කා” කියූ ඔහු නැවත සිය වෙළද හඩ අවදි කළේය.
“එන්න එන්න අරගලයේ පච්චය නොමිලේ ගහගන්න. කවදාවත් අමතක නොවෙන්න හොදම තැනක ගහගන්න”
මගේ ඇස් උඩ ගියේය. එතකොට පච්චෙ නොමිලේ! ‘නොමිලේ’ හඩ ඇසුණු සැණින් කිහිප දෙනෙකු ඔහු වටා රොක් විය. තව වැඩි වෙලා ඔහුව කතාවට හසුකර ගැනීමට නොහැකි බව වටහා ගත් මම අසන්නට හොද අවසාන ප්‍රශ්නයක් සිතුවෙමි.
“මොකක්ද සහෝදරයා ඇත්තටම ඔය නොමිල පච්චා කෙරැවාවේ තේරැම?” මම ඇසුවෙමි.
“ඇයි හලෝ අපේ එවුන්නට ඕන රෙද්දක් සති දෙකෙන් අමතක වෙනවනේ. ඩීසල් නැතිවුණු ගමන් කෝවිඩ් අමතක වුණා. අරගලේ පටන් ගත්ත ගමන් විදුලිය අමතක වුණා. අයි.එම්.එෆ්. ලෝක බැංගු ණය ඇවිත් කිරිපිටි, ඩීසල්, විදුලි ආයෙම ලැබුණම අරගලෙත් අමතක වෙන්න පුළුවන්. අරමුණත් අමතක වෙන්න පුළුවන්. ඒ නිසා අරමුණ ඉටු කර ගන්න කම් මකන්න බැරි පච්චයක් කොටා ගන්න එක තමයි හොඳම විසදුම”
තමන්ට ඇත්තේ කෙටි කාලීන මතකයකැයි පිළිගත් මහත් පිරිසක් නොමිලේ පච්චයක් කොටා ගැනීම සඳහා ඔහු වටා රොක් වූහ.
ඔබේ මතකයත් කෙටි කාලීනයැයි සිතේ නම් හෙට ගාලුමුවදොරට එන්න. පච්චයක් කොටා ගන්න.