බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්න, ‘අරගලයේ පච්චය’ කොටමු!

by editor
අප්‍රේල් 8, 2022
in පුවත්
colum
Share on FacebookShare on Twitter

ඊයේ මා ගෝල්ෆේස් පිටිය දෙසට ඇවිද යද්දී අපූරැ පුද්ගලයෙකු මුණ ගැසුණි.

“පච්ච කොටනවා, පච්ච කොටනවා”

ඔහුගේ හඩින් විමතියට පත් මම හිටිවනම නැවතුනෙමි. අරගලය අස්සේ ජීවන අරගලය ගොඩදාන්න මිනිස්සු නොකරන දෙයක් නැතැයි සිහිවී මට සුස්මක් ද පිට විය.

“අතේ, බෙල්ලේ, නළලේ, බඩේ, කකුලේ තමන්ගෙ ඇහැට පේන ඕන තැනකට කොටනවා”
මම සෙමෙන් ඔහුට ලං වුනෙමි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

*පස්ස පැත්තේ පච්චා කොටන්නේ නැද්ද?”

මා එසේ ඇසුවේ සමහරැන්ගේ තේරීම එය බව දන්නා නිසාය. එය ඔහුගේ ඉවසීම පරීන්ෂා කරන ප්‍රශ්නයක් වුවත් හේ ඉතා සංයමයෙන් දුන්නේ අමුතුම පිළිතුරකි.

“නෑ සහෝදරයා. මේ පච්ච තමන්ට නොපෙනෙන තැන්වල කොටන්නේ නෑ. තමන්ට එක එල්ලේ පේන තැනක හරි, නැත්තන් අඩු ගාණේ කණ්නාඩිය ඉස්සරහට ගියමෙ තමන්ටම පේන තැනක විතරයි මේවා මම කොටන්නේ”

මොන රෙද්දක්ද? තමන්ගෙ පච්චෙ තමන්ට ඕන තැනක කොටා ගන්න බැරි මොකදැයි මා විමසන්නට යද්දී ඔහු යළි ජනතාව ඇමතීමට මුව විවර කළේය.

“එන්න එන්න අරගලයේ පච්චය කොටා ගන්න. කවදාවත් අමතක නොවෙන්න අරගලයේ පච්චය කොටා ගන්න”
හේ බෙරිහන් දුන්නේය. මා ඇසීමට සිටි ප්‍රශ්නය වෙනස් විය.

“මොකක්ද ඔහේ ඔය කොටන පච්ච?” මම ඇසුවෙමි.

“වෙන මොනාද? ගෝහෝම්ගෝඨා# ගෝහෝම්රාජපක්ෂස්# අපේසල්ලිඅපිටදියව්# ඔච්චර තමයි. මේක ප්‍රජා සේවයක් ලොක්කා” කියූ ඔහු නැවත සිය වෙළද හඩ අවදි කළේය.

“එන්න එන්න අරගලයේ පච්චය නොමිලේ ගහගන්න. කවදාවත් අමතක නොවෙන්න හොදම තැනක ගහගන්න”

මගේ ඇස් උඩ ගියේය. එතකොට පච්චෙ නොමිලේ! ‘නොමිලේ’ හඩ ඇසුණු සැණින් කිහිප දෙනෙකු ඔහු වටා රොක් විය. තව වැඩි වෙලා ඔහුව කතාවට හසුකර ගැනීමට නොහැකි බව වටහා ගත් මම අසන්නට හොද අවසාන ප්‍රශ්නයක් සිතුවෙමි.

“මොකක්ද සහෝදරයා ඇත්තටම ඔය නොමිල පච්චා කෙරැවාවේ තේරැම?” මම ඇසුවෙමි.

“ඇයි හලෝ අපේ එවුන්නට ඕන රෙද්දක් සති දෙකෙන් අමතක වෙනවනේ. ඩීසල් නැතිවුණු ගමන් කෝවිඩ් අමතක වුණා. අරගලේ පටන් ගත්ත ගමන් විදුලිය අමතක වුණා. අයි.එම්.එෆ්. ලෝක බැංගු ණය ඇවිත් කිරිපිටි, ඩීසල්, විදුලි ආයෙම ලැබුණම අරගලෙත් අමතක වෙන්න පුළුවන්. අරමුණත් අමතක වෙන්න පුළුවන්. ඒ නිසා අරමුණ ඉටු කර ගන්න කම් මකන්න බැරි පච්චයක් කොටා ගන්න එක තමයි හොඳම විසදුම”

තමන්ට ඇත්තේ කෙටි කාලීන මතකයකැයි පිළිගත් මහත් පිරිසක් නොමිලේ පච්චයක් කොටා ගැනීම සඳහා ඔහු වටා රොක් වූහ.

ඔබේ මතකයත් කෙටි කාලීනයැයි සිතේ නම් හෙට ගාලුමුවදොරට එන්න. පච්චයක් කොටා ගන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති  ඇරයුමෙන් රනිල් – ජනපති විශේෂ සාකච්ඡාවක….

Next Post

 අවුරුද්දට ගමේ යන්න 9  සහ 10 එන්න.. 11 – 12 බස් නෑ… බස් සංගම් කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.