“ගෝටා ගෝ හෝම්“ කියන්නට එක්සත් ජාතීන්ගේ ප්‍රාදේශීය මූලස්ථාන තුනෙන් එකක්වන ඔස්ට්‍රියාවේ වියානා ප්‍රාදේශීය මූලස්ථානය ඉදිරිපිටට අද ශ්‍රී ලාංකිකයෝ පිරිසක් එක් වී සිටියහ.
ඔවුන් සාමකාමී උද්ඝෝෂණයක් කරමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවත්, අපේ රට අපට අවශ්‍ය බවත්ය.
මේ වනවිට යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව රට තුළ මතුවූ ජනතා විරෝධතාවලට සහාය දක්වමින් උද්ඝෝෂණ ගණනාවක් පවත්වා ඇත.