ඉන්දියාව සමග පවත්වන සමීප සහ ගෞරවනීය සබඳතාවයට සමාන සබදතාවයක් පාකිස්ථානය සමඟද ඇමරිකා එක්සත් ජනපදය පවත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව පාකිස්ථානයේ හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.
හිටපු ජනාධිපතිවරයා සිය අපෙක්ෂාව මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රමුඛ පෙළේ මූල්‍ය පුවත්පතක් වන ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත් පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් අවස්ථාවේදීය.
“මට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ ඉන්දියාව වැනි එක්සත් ජනපදය සමඟ ගෞරවනීය සම්බන්ධතාවයක්. ඉන්දියාවට එක්සත් ජනපදය සමඟ ඉතා ගෞරවනීය සම්බන්ධතාවයක් ඇත,” යනුවෙන් පාකිස්ථානයේ හිටපු ටෙස්ට් නායකයා පැවසීය.
පවතින යුද්ධය නොතකා රුසියානු තෙල් ආනයනය කිරීමට ඉන්දියාව ගත් තීරණය උපුටා දක්වමින් ඛාන් පැවසුවේ ඉන්දියාව එක්සත් ජනපදයට “නැහැ” යනුවෙන් පැවසීමට කටයුතු කරන බවත් එහිදී සිය ජනතාවට ප්‍රමුඛත්වය දෙන බවත්ය. පාකිස්තානයද එක්සත් ජනපදය සමඟ හවුල්කරුවන් වීමට අපේක්ෂා කරන අතරම එහිදී ඔවුන්ට “එපා, බැහැ, කීමට ඉඩ දිය යුතු” අවස්ථා තිබිය යුතු බවද ඔහු පැවසීය.
මෙහිදී පාකිස්ථානයේ හිටපු අග්‍රාමත්‍යවරයා විසින් එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර පවතින සම්බන්ධතාවය හුදෙක් ස්වාමියා සහ සේවකයා අතර පවතින්නා වූ සම්බන්ධතාවයකට සමාන බවද පෙන්වා දෙනු ලැබ තිබීමද විශේෂත්වයකි.
‟ඇත්තටම වොෂින්ටන් පාලනය සහ ඉස්ලාමාබාද් පාලනය අතර පැවති සම්බන්ධතාවය ස්වාමියා සහ සේවකයා වගේයි ඇතැම්විට එය ඊටත් එහා ගියා ස්වාමියා සහ ඔහුගේ පාලනයේ සිටින වහලකු වැනි තත්ත්වයකයි පැවතියේ. අපි ඇතැම් විට කුලියට ගත්ත තුවක්කුවක් වගේ භාවිතා වුන කාලයක් තිබෙනව. ඒත් මම ඒ තත්ත්වයට එක්සත් ජනපදයට වඩා පාකිස්ථානයේ පැවති ආණ්ඩුවලයි දෝෂාරෝපනය කරන්නේ.” යනුවෙන්ද ඉම්රාන් ඛාන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.