SLIIT විශ්ව විද්‍යාලයේ පිහිටා ඇති William Angliss Institute ගොඩනැගිල්ලට අලුතින් එක් කළ කොටස පසුගියදා විවෘත කරන ලදී. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සය දෙනෙක්, ශ්‍රී ලංකාවේ විලියම් ඇන්ග්ලිස් ආයතන සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සහ සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම උත්කර්ෂවත් අවස්ථාවට එක් වූහ. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ජුඩිත් ස්ලෙවිසන් මහත්මිය පීත්ත පටිය කැපීමත් සමඟ උත්සවය ආරම්භ විය. සාම්ප්‍රදායිකව කිරි ඉතිරවීම සහ පොල් තෙල් පහන දැල්වීම සඳහා සියලුම අමුත්තන් තෙවන මහලේ පිහිටි මුළුතැන්ගෙය වෙත කැඳවා ගෙන යන ලදී.
විලියම් ඇන්ග්ලිස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නිකලස් හන්ට් මහතා සහ ශ්‍රී ලංකාවේ කළමනාකාර අධ්‍යක්ෂ අනුක් වීරසිංහ මහතා උත්සව සභාව අමතමින් ගොඩනැගිල්ල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වූ කොන්ත්‍රාත්කරුවන්ට, සැපයුම්කරුවන්ට, විලියම් ඇන්ග්ලිස් ආයතනයේ සභාපති එරල් වීරසිංහ මහතා ඇතුළු කළමනාකාරිත්වයට සහ කාර්ය මණ්ඩලයට ස්තුතිය පළ කළහ. ඉන් අනතුරුව ශ්‍රී ලාංකීය ක්‍රමයට සැකසූ තේ පැන් සංග්‍රහයක් සහ දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි. නව ගොඩනැගිලි පරිශ්‍රය මුළුතැන්ගෙවල් දෙකකින් සමන්විතය (Hot Kitchen & Pastry Kitchen). මෙම මුළුතැන්ගෙවල් දෙකම නවීන යුරෝපීය උපකරණවලින් සමන්විතය. ඉගැන්වීමේ ක්‍රම වැඩි දියුණු කිරීමට, සිසුන්ට අධ්‍යයන කටයුතුවලින් උපරිම ප්‍රතිඵල ලැබීමට සහ වෘත්තීය ජීවිතයට සූදානම් වීමට අවශ්‍ය ඉහළම ප්‍රමිතියේ උපකරණ භාවිතයට එහි ඉඩ සළසා ඇත. සපයා ඇති අනෙකුත් නවීන පහසුකම් අතරට පන්ති කාමර තුනක්, විශාල ප්‍රමාණයේ ආහාර ගබඩා කාමර, නවීන නාන කාමර ඇතුළු සියලු සනීපාරක්ෂක පහසුකම් ඇතුළත් වේ. මෙම සියලුම පහසුකම්වලට අමතරව සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා වෙන් වූ ‘රූෆ් ටොප් ට්‍රේනින් බාර්’ හි ඉදිකිරීම්ද මේ වන විට අවසන් වෙමින් පවතී.