විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉන්ධන ප්‍රවාහනය සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
එම උපදේශන මාලාව මෙසේය .
- (අ) ග්‍රාමීය ඩිපෝ වෙත දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනයේ ධාරිතාව 40% සිට 100% දක්වා වැඩි කිරීම.
- (ආ) නව බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය මාස 1 සිට සති 1 දක්වා කඩිනම් කරන්න.
- (ඇ) ඉන්ධන පිරවුම්හල් හිමියන් සතු බවුසර් සඳහා වෙනම නියාමනයන් ඉදිරිපත් කිරීම.
- (ඈ) ඉදිරි දින 2 තුළ සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන ප්‍රවාහනය කරන්නන්ගේ මෙහෙයුම් බලපත්‍රය අවලංගු කිරීම සහ වෙනත් අය සේවයට වාර්තා කිරීම වළක්වන පුද්ගලයින් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
- (ඉ) රජය සතු බවුසර දෛනිකව ක්‍රියාත්මක කරන ධාරිතාව සහ සංඛ්‍යාව වැඩි කිරීම.
- (ඊ) අවශ්‍යතා සපුරාලීම සඳහා පර්යන්තවලින් ඉන්ධන සැපයීම සඳහා පැය 24 පුරා මෙහෙයුම් සිදු කළ කිරීම







