බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සති අන්තයේ දී ත්‍රිකුණාමලයේ එකම හෝටලයක නවාතැන් ගෙන සිටි බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මහතා ත්‍රිකුණාමලයේ සංචාරයක යෙදුණු අද ඔවුන් දෙදෙනාද එතනට පැමිණ එකම හෝටලයයක නවාතැන් ගැනීම පිළිබඳව දේශපාලන ක්ෂ්‍රෙතයේ අය තුළ වැඩි අවධානයකට ලක් ඇති බව එම වාර්තා සඳහන් කරයි.
අමාත්‍යවරුන් දෙදෙනා ඊයේ(03) පැමිණ චීන වරාය ආසන්නයේ පිහිටි මාබල් බීච් හි හෝටලයක ලැගුම් ගෙන ඇති අතර එහි විවේකීව ගත කර ඇති බව වාර්තා වෙයි. කෙසේ වුවද අද පෙරවරුවේ ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමල චීන වරායේ ඇති ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නිෂ්පාදනාගාරයට සහ ඉන්දියාව විසින් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන තෙල් ටැංකි පද්ධතිය නිරීක්ෂණයට සහභාගී වීමට ත්‍රිකුණාමලයට පැමිණියේය.
මේ හේතුව නිසා බුද්ධි අංශ පවා මෙම අමාත්‍යවරුන්ගේ ත්‍රිකුණාමල සංචාරයත් ඉන්දීය විදේශ ලේකම්වරයාගේ සංචාරයක අතර යම් සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳව අවධානට යොමු කළ බව මෙම වාර්තා සඳහන් කරයි







