අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගොවීන්ට වන්දි ඉල්ලා අධිකරණයට  යනවා”- විපක්ෂ නායක

by Lanka Sara Editor
ඔක්තෝබර් 3, 2021
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

ගොවි ජනතාවට සිදු වූ හානියට, ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවලිය හේතු වූ බවත් ගොවි ජනතාවට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව ඉතා ඉක්මනින් ගොවි ජනතාව වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව ද පැවසීය.

ගොවි ජනතාවට නිර්දේශය කරන ලද පොහොර නො ලැබී ඇති බවත්,වල් නාශක සහ කෘෂි රසායන ද්‍රව්‍ය ඉහළ යෑම නිසා ගොවියා පීඩාවට පත්ව ඇති බවත්,මේ හේතුවෙන් අස්වැන්න සහ ආදායම් අඩු වී ඇති බවත් මේ සියල්ල හේතුවෙන් ආණ්ඩුව ගොවි ජනතාවට වන්දි ගෙවිය යුතු බවත් ඒ මහතා පැවසීය . 

අද වන විට රටේ ගොවි ජනතාව බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බවත්, ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවේ පොහොර වැඩපිළිවෙළ සහමුලින්ම ප්‍රෝඩාවක් බවත්, ආණ්ඩුවේ හිතුවක්කාරී කටයුතු නිසා අසරණව ඇත්තේ ගොවිජනතාව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ආණ්ඩුව මේ වනවිට ලබාදී ඇති පොහොර නිර්දේශිත පොහොර නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා, වී නොවන බෝගවලට යෙදියයුතු පොහොර වී වගාවට ලබාදි ඇති  බවත් පැවසීය.

ඉතාම ස්වාධීන පර්යේෂණවලින් හෙළි වී ඇති පරිදි කාබනික පොහොරවලින් ලැබෙන නිෂ්පාදන අස්වැන්න අඩුව ඇති බවත් රසායනික  පොහොර මගින් ලැබෙන අස්වැන්න වැඩි වී ඇති බවත් හෙළි වී ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා මේ වන විට රජයේ අසාර්ථක ව්‍යාපෘති නිසා 40%ක අස්වන්න කඩා වැටීමක් සිදු වී ඇතැයි ද පැවසීය.

රටට බත සපයන ගොවියා අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් ඒ පීඩාව ආණ්ඩුවට නොතේරෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් වන ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව ගොවිබිමට ගොස් විමසන “ගොවිහදගැස්ම” පළමු පියවර ලෙස අද (03) හම්බන්තොට, ලුණුගම්වෙහෙර, අග්බෝපුර කලාපයේ ගොවි ජනතාව හමුවිය.

මේ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කළ අතර විශේෂයෙන්ම පොහොර අර්බුදය හේතුකොටගෙන විශාල වගා බිම් ප්‍රමාණයක අස්වැන්න බොහෝ අඩු වී ඇති බවත්, ගොවීන් විශාල පිරිසක් ගොවිතැනින් ඉවත්ව ඇති බවත් එහි දී අනාවරණය විය.

තමන්ගේ අස්වැන්න අලෙවිකර ගැනීමට පවත්නා ගැටළු පිළිබඳව ද ගොවිජනතාව විපක්ෂනායකවරයාගේ අවධානයට යොමු කළ අතර, ඒ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳවත් ගොවි ජනතාව අදහස් දැක්වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝවිල් ඉඩම්, පුරාවිද්‍යා බිම් බලහත්කාරයෙන් අල්ලාගෙන… නැගෙනහිර කල්ලියක් මහා පරිමාණ ඉඩම් කොල්ලයක…!

Next Post

ඉන්දීය විදේශ ලේකම් ගිය ත්‍රිකුණාමලේට – විමල්, ගම්මන්පිල ඇමතිවරු කලින්ම යති

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.