ශ්‍රියානි විජේසිංහ
ඉන්දීය ණය පහසුකම් යටතේ මෙරටට ලැබී ඇති ඖෂධ වර්ග දෙකක ගුණාත්මකභාවය යළි පරික්ෂණාවට ලක්කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණ කළ බව අමාත්‍යංශය ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත සඳහන් කරයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදංචියට යටත්ව එම ඖෂධ වර්ග දෙක මෙරට භාවිතයට ගෙන ඇති බවත් එම ඖෂධ ලබා ගැනීමෙන් පසු රෝගීන් මිය යෑම සහ විවිධ අසාත්මිකතාවලට ගොදුරු වීම සලකා බලා එම තීරණය ගත් බවත් ලේකම්වරයා සඳහන් කරයි.
එම ඖෂධ වර්ග භාවිතයෙන් පසු රෝගීන් මියයාම සහ අසාත්මිකතාවලට ගොදුරු වීම ගැන වාර්තා වූ සිද්දීන් සම්බන්ධයෙන් විමර්ශනයකට විශේෂ කමිටුවක් පත්කළ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව ක්‍රියාතමක බවත් සෞඛ්‍ය අමාතයංශය සඳහන් කරයි.







