දැනට ඉන්දියාව යටතේ පවතින ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ටැංකි නුදුරු දිනකදීම ශ්‍රී ලංකාව සතුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොලොන්නාවේ අද පැවති උත්සවයක් අමතමිනි.
අමාත්‍යවරයා පවසා සිටියේ එම ඉන්ධන ටැංකි ලබා ගැනීම සඳහා ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග පැවති සාකච්ජා පසුගිය ඉරිදා සාර්ථකව අවසන් කර ගැනීමට හැකිවූ බවයි.
ඒ පිළිබඳව ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.
” ඉන්දීය මහ කොමසාරිස්වරයාට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන 2017 ගිවිසුමේ තිබු කොන්දේසි අමතක කොට අප විසින් වෘත්තිය සමිති සමග සාකච්ජා කරලා ගත් තීන්දු මත ඉදිරිපත් කරපු කොන්දේසිවලට එකඟව එම ඉන්ධන ටැංකි යලි ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟවීම සම්බන්ධයෙන්. “
“දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම ඉන්ධන ටැංකිවලින් කිසිම කාර්යක් සිදුකරන්නේ නැතිව අත්හැරලා තිබ්බා. 2003 වර්ෂයේදී මෙම ඉන්ධන ටැංකි ඉන්දියානු ඔයිල් සමාගමට බදු දෙනු ලැබුවා. නමුත් අපි කියන්න සතුටුයි නුදුරේදීම එම ඉන්ධන ටැංකි ශ්‍රී ලංකාව සතුවෙනවා කියලා.“
එම ඉන්ධන ටැංකි මගින් අපිට හැකිවනවා ත්‍රිකුණාමලයට ආසන්නයෙන් ගමන් කරනු ලබන නෞකාවලට ඉන්ධන සැපයීම සිදුකරන්න. මේ සඳහා අපිට ඉන්දියාවේ සහය අත්‍යවශ්‍ය වනවා”
අමාත්‍ය උදය ගම්මන්පිල විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.







