පසුගිය යහපාලන ආණ්ඩු සමයේ හම්බන්තොට වරාය චීනයට දීමට එරෙහි වූ තමන් ඇමති ධූරයෙන් එලවාගෙන ක්‍රියාත්මක කළ ගිවිසුමේ ප්‍රතිඵල දැන් අත්විඳීමට සිදුවී ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.
ආර්ථිකව බිඳ වැටී ඇති මේ කුඩා දූපත චීන ඉන්දීය බල ගැටුමේදී අසරණ වී ඇති ආකාරය චීන නැවේ හම්බන්තොට ආගමනයෙන් පෙනී යන බව ඊයේ (13) නුවර දී මාධ්‍ය අමතා පැවසුවේය.
ඇමතිවරයා මෙසේ ද කීවේය.
විශේෂයෙන්ම ලෝකයේ බලවතුන් කණ්ඩායම් දෙකකට බෙදිලා අවි තරඟයක යෙදී ඉන්න අවස්ථාවක එක කණ්ඩායමට සහසුකම් සපයුවොත් ඒ අයට අනෙක් කණ්ඩායමෙන් බැට කන්න සිදු වෙනවා.
අපි කුඩා ආර්ථිකයක් තිිබෙන කුඩා දූපත් රාජ්‍යයක්. 2018 හම්බන්තොට වරාය චීන සමාගමකට පවරන වෙලාවේ මේ තත්ත්වය උදාවන බව එවකට තිබුණු ආණ්ඩුවට අනතුරු අඟවලා විරුද්ධ වුණු නිසා ඇමැති මණ්ඩලයෙන් මාව ඉවත් කළා. මා එදා කළ අනතුරු ඇඟවීම අද ප්‍රායෝගිකව අත්විදින්න සිදුව තිබනෙවා..
සිරිමාවෝ මැතිණිය අනුගමනය කළ නොබැදි විදේශ රාජ්‍ය ප්‍රතිපත්තියට නැවත ක්‍රමානුකූලව අනුගත වෙන්න උත්සහ කළ යුතුයි. මේ නැව ආවොත් හම්බන්තොට වරායට ඉන්දියාව ඇමරිකාව වගේ බලගතු රජ්‍යයන් අපි සමඟ විරසක වෙනවා. මේකට ඉඩ නොදුන්නොත් ජත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපි බලාපොරොත්තු වන සහන ලබා ගැනීමේදී චීනයට විශාල බලයක් තිබෙනවා ඒවා වලක්වන්න. අපිට ප්‍රශ්න ඇති වූ අවස්ථාවල බීටෝ බලය තිබෙන චීනය හා රුසියාව අපි සමඟ නිරන්තරයෙන් හිටියා.
දැන් අපි උභතකෝටික ප්‍රශ්නයක සිරවෙලා ඉන්නේ. රටවල් දෙක එක්ක මිත්‍රශීලි බව රැක ගනිමින් ප්රශ්නය නිරාකරණය කර ගන්න ඕන. ණය ගෙවන්න තිබෙන රටවල් සමග ණය ප්‍රතිව්‍යුගත කිරීම සම්බන්ධව සාකච්චා කරමින් පවතින අවස්ථාවක් මේක. එහිදීත් වැදගත් සාධකය බවට පත්ව තිබෙන්නේ චීනය බව අප අමතක කරන්න හොඳ නැහැ.