පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩ උළෙලේ දී ලෝකඩ පදක්කමක් දිනාගත් නෙත්මි අහින්සාගේ ජයග්‍රහණය නාමල් රාජපක්ෂ විසින් දේශපාලනිකව අවභාවිතා කිරීම සම්බන්ධව හෙළි කරමින් මව්බිම පුවත්පතේ ඊයේ (13) පලකර තිබූ ලිපියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තංගල්ල පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
එම පුවත පුද්ගලිකව තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, තමන් සහ නෙත්මි අහින්සාට එරෙහිව මඩ ප්‍රචාර පැතිරවූ සමාජ මධ්‍යට ද නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නාමල් රාජපක්ෂ ඉල්ලා ඇත.
නෙත්මි අහින්සා සහ ඇයගේ පුහුණුකරු තමන් හමුවීමට ආවේ බලහත්කාරකමින් නොවන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියයි. දේශපාලකයෙක් ලෙස තමන්ට මෙය දරා ගත හැකි නමුත් නෙත්මි අහිංසාට එම මඩ ප්‍රහාර දරාගන්නට බැරි බවත් ඔහු පවසයි.
මෙම පුවත සම්බන්ධව විධිමත් පරීක්ෂනයක් පවත්වන ලෙසත් මව්බිම පුවත්පතට එරෙහිව නීතියෙන් කටයුතු කීරීමට සූදානම් බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියයි.