ප්‍රවාහන ගැටලු සලකා මාසයක් සඳහා වලංගුවන පරිදි අත්‍යාවශ්‍ය නොවන සේවා සඳහා රාජ්‍ය සේවකයින් කැඳවීම සීමා කිරීමේ චක්‍රලේඛකය මේ මස 24 දා තෙක් වලංගුබව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මාර්ගත ක්‍රමය ඔස්සේ ඉටු කළ නොහැකි රාජකාරි සඳහා සහ අත්‍යාවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යෑමට අවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් කාර්යාලවෙත කැඳවීම සිදුකරනු ලබයි.
සේවා අවශ්‍යතාවය මත කාර්යාලවෙත කැඳවන සේවකයින් ප්‍රමාණය තීරණය කිරීමට ආයතන ප්‍රධානියාට හැකියාව පවතින බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.