ඉතාලි එනෙල් ග්‍රීන් පවර් විසින් රාජස්ථානයේ ඉදිකරනු ලබන මෙගාවොට් 300ක් නිපදවීමට සමත් සූර්ය බලාගාරයේ ‘තාර් සූර්යා 1’ ලෙස හැඳින්වෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ කොටස් සීයට 49ක් නෝර්ෆන්ඩ් හා කේඑල්පී එක්ව, ජාත්‍යන්තර සාමාන්‍ය අනුපාතය (අයිඑන්ආර්) යටතේ බිලියන 2.8කට ලබාගෙන තිබේ.
නොර්වේ තානාපති හෑන්ස් ජැකොබ් පවසන්නේ ‘නොර්වේ හා ඉන්දියාව ගෝලීය බලශක්ති සංක්‍රාන්තියේ හවුල්කරුවන් බවත් ‘නොර්ෆන්ඩ්’ විසින් කළමණාකරණය කරනු ලබන දේශගුණික ආයෝජන අරමුදල හරහා නෝර්වේ සිය දේශගුණික වගකීම් ඉටු කරන අතරේම ඉන්දියාවේ බලශක්ති සුරක්ෂිතභාවය සහ පිරිසිදු බල සැපයුම සඳහා දායක වන බවයි.
ව්‍යාපෘතිය ආරම්භයේදී ඉන් වසරකට ගිගාවොට් 750කට වඩා ලබාදෙනු ඇති අතර ඉදිරියේදී එම ප්‍රමාණය වැඩි වෙනු ඇත. එලෙසම මෙමඟින් වසරකට කාබන්ඩයොක්සයිඩ් විමෝචන ටොන් 615000කට වඩා වැඩි ප්‍රමාණයක් වළක්වනු ඇත.
“ලෝකයේ බොහෝ ප්‍රධේශ අධික උණුසුමට හා නියඟයට මුහුණ දී තිබෙන මෙම ග්‍රීෂ්ම සෘතුව මඟින් දේශගුණික විපර්යාසයන්ගේ තත්ත්වය වඩාත් හොඳින් පෙන්නුම් කරනවා. දේශගුණික විපර්යාසයන් එරෙහි සටනේදී නාස්ති කිරීමට කාලයක් නෑ.. පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සඳහා ලබාගෙන තිබෙන මෙම තීරණය ලෝකයටම හොඳ ආරංචියක් වෙන්නේ ඒ නිසයි..”
අන්තර්ජාතික සංවර්ධන අමාත්‍ය ඈන් බීත් ට්විනරේම් පවසා ඇත.







