ළමා මන්පෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 06වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
එමෙන්ම දකුණු ආසියාවේ දරුණුම මන්දපෝෂණ තත්ත්වයට මුහුණ දී ඇති රටවල් අතර දෙවැනි ස්ථානයට පත් වී ඇත්තේ ලංකාව බවද එම සංවිධානය පෙන්වා දෙයි.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ සිදුවී ඇති ධරුණුතම ආහාර ඛාණ්ඩයේ උද්ධමනය හේතුවෙන් පොෂ්‍යදායී ආහාරවේලක් දරුවන් වෙනුවෙන් සැපයීමට ඇති නොහැකියාව මේ තත්ත්වයට ප්‍රධානම හේතුව බව ඒම ආයතනය කියයි.
මෙරට සංචාරයක නිරතවී සිටින යුනිසෙෆ් ආයතනයේ දකුණු ආසියාතික කලාපයේ අධ්‍යක්ෂ ජොර්ජ් ලැරී ඊයේ ( 26) මාධ්‍ය හමුවේ පැවසුවේ මෙසේය.
“ ළමා මන්පෝෂණය අතින් ශ්‍රී ලංකාවව ගෝලීය වශයෙන් ඉන්නේ 06 වැනි ස්ථානයේ. විශේෂයෙන්ම ළමුන් කෘෂභාවයට පත්වීම සම්බන්ධයෙන්. මේ කෘෂ භාවය ඉතාම ඉක්මනින් ධරුණු තත්ත්වයකට පත්විය හැකියි. භාණ්ඩ මිල ඉහළ යෑම සහ පවුල්වල ආදායම අඩුවීම හරහා දරුවන්ගේ කෘෂභාවය සම්බන්ධ ගැටලුව දරුණු තැනකට ගෙනයා හැකියි. මේ ගැටලුවට විශේෂ අවධානය යොමුවිය යුතුමයි. මා නැවත ජාත්‍යාන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා… මේ තත්ත්වයෙ දී ශ්‍රී ලංකාවේ දරුවන්ට සහ පවුල්වලට උදව් කළ යුතුමයි”
ලෝක බැංකුවට අනුව ලෝකයේ ආහාර ඛාණ්ඩයේ ඉහළම උද්ධමනය ඇති රටවල් අතර ලංකාව පසුවන්නේ පස්වන ස්ථානයේය.